මේනකා පීරිස් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය රංගන ශිල්පිනියක්.ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියන්නත් බහුතරයක් දෙනා දන්නවා.මේ කියන්නා වූ දක්ෂතාවයන් නිසාම මේනකා පීරිස් කියන කලාකාරිනියට ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය අඩු නැතුව අදටත් ලැබෙනවා.

ඇය කලකට කලින් විවාහ ජීවිතය යම් යම් සිදුවීම් නිසා පැත්තකට වෙලා කාලය ගත කළත් ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා කියලා ආරංචි වෙනවා.ඇය විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ නිර්මාණ කීපයක් මේ වෙද්දි තිරගතවීමත් සමග තමයි  මේනකා ගැන ආයෙමත් සැරයක් කතා කරන්න පටන් ගන්නේ.

ඉතින් කලකට කලින් ඇය කලා ලෝකය කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියේ ඇයගේ ආදරණීය පුතා නිසයි.මේ වෙද්දි නම් පුතත් ටිකක් ලොකු නිසා ඇය කලාවත් එක ආයෙමත් සම්බන්ධ වෙලා. ඇයගේ ජීවිතේම වෙනස් කලේ අයගේ පුතා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේනකා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම ඔහු තමා මගේ ජීවිතය වෙනස් කළේ. මම කෙතරම් ශක්තිමත් කෙනෙක් වුණත් මට මං ගැන කතා කරන්න, මට මාව තෘප්තිමත් වෙන්න, මට මං ගැන ආදරේ හිතෙන්න ප්‍රධාන හේතුව මගේ පුතා. පුතා තමා මගේ ජීවිතයට වෙනස්ම ඉරක් අරගෙන ආවේ. ඔහු මගේ හුස්ම. එයාට සම කරන්න දෙයක් මට හමුවෙලා නැහැ.’

ඉතින් ඇයගේ ජීවිතය දවසින් අවසර සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.