Slider

මම එයාව ආශ්‍රය කරද්දි මට අවුරුදු 18 ක්. ඒ නිසා මම එකපාර ගෙදරට කියන්න ගියේ නෑ. පස්සේ තමයි අපි කිව්වේ

 

ක්‍රිකට් ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ක්‍රිකට් තරුවක් වුණු හෂාන් තිලකරත්න කියන්නේ ජනප්‍රිය චරිතයක්.ඔහු විවාහ වෙන්නේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කටයුතු කරපු අප්සාරි සිංහබාහු සමඟයි.

ඉතින් මේ විවාහයන් ඔවුන්ට ආදරණීය නිවුන් දරුවන් සිටිනවා.මේ නිවුන් දරුවන්ගෙන් වැඩිමහල් පුතා පසුගිය දවසක විවාහ ජීවිතයට පා තැබූ අතර ඔහු විවාහ වලට ඔහුට වයස විසි හතයි. ඔහු නමින් දුවිදු.දුවිදු විවාහ වෙන්නෙත් ආදර සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට.

ඇය ඕස්ට්‍රේලියාවේ අවුරුදු පහක් ඉගෙන ගන්න ගියපු කෙනෙක්. ඉගෙනගෙන ඉවර වෙලා දුවිදුගේ ක්‍රිකට් වැඩ කටයුතු නිසාම තමයි ඇය නැවතත් ලංකාවට එන්නේ.ඇයට ඕස්ට්‍රේලියාවේ පදිංචිය ගන්නත් ඕනෑ තරම් අවස්ථා තිබුණා. නමුත් ආදරේ නිසා ඒ සියලුම දේවල් කැප කරගෙන ලංකාවට ආවා.දුවිදු එක්තරා අවස්ථාවකදී ඇය ඔහුට හම්බුන විදිහ පිළිබඳව කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ යාළුවෙක්ගේ උපන් දින සාදයකට මම සම්බන්ධ වුණා. එ් 2015 අවුරුද්දේ. යොශානිත් එදා ඇවිත් හිටියා. ඒ යාළුවාගේ මාර්ගයෙන් එයාව හඳුනාගෙන අපි දෙන්නා කතාබහ කරලා තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. ආදරේ කරද්දී මගේ වයස 18ක්. ඒ නිසා ගෙදරට මුලින්ම කියන්න ගියේ නැහැ. අපි ටිකක් ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි දෙපාර්ශවයේම දෙමාපියන්ට කිවුවේ.”

ඉතින් මේ විදිහට ආදරෙන් ඉන්න මේ දෙන්නට හැමදාමත් සතුටින්ම ජීවත් වෙන්නට අවස්ථාව උදාවේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo