කියන දේ කරන ඒවගේම කරන දේ කියන කලාව තුළ කෙලින් ගමනක් යන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සේමිනි ඉඩමල්ගොඩ කියන්නේ.ඉර බටු කරුව නිර්මාණය හරහා කලාවට පෑයූ ඇය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ රිදී තිරය හා පුංචි තිරය හරහා දැක්වූ දක්ෂතා අපමණයි.

ඒ දක්ෂතා නිසාම අදටත් සෙමිනීට බහුතරයක් කලාකරුවන් ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් බොහොමයක් දෙනා ආදරේ කරනවා.මෑත කාලයේදී එයා දැන් බැඳලා ටෙලි නිර්මාණයේ සුද්දි කියන චරිතය හරහා තමයි සේමිනී බහුතරයක් දෙනාගේ හදවත දිනා ගත්තේ.

ඒ වගේම ඇය නිතරම නිර්මාණත් එක්ක දැක බලා ගන්න පුළුවන් රංගන ශිල්පිනියක් නෙවෙයි.ඒ කියන්නේ සේමිනී යම්කිසි තෝරා බේරා ගත්තු නිර්මාණ කිහිපයකට විතරයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඇය මෙවරත් සුමති සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වෙලා හිටියා.ඊට කලිනුත් ඇය පිට පිටම සම්මාන වෙනුවෙන් නිර්දේශ වුණා.ඉතින් ඒ නිර්දේශ වීම සම්බන්ධයෙන් සෙමිනී කියලා තිබ්බේ මෙන්න මේ වගේ කතාවක්.

“සුමති සම්මාන උළෙල තමයි මට මීට අවුරුදු විස්සකට කලින් හොඳම නැඟී එන නිළිය සම්මානය හිමිවුණු සම්මාන උළෙල. ඒ ඉරබටු තරුව ටෙලි නාට්‍යය වෙනුවෙන්. ඒක මගේ පළමු ටෙලි නාට්‍යය. මගේ පළමු ටෙලි නාට්‍යය වෙනුවෙන්ම මට සුමති සම්මාන උළෙලේ සම්මානයක් හිමිවෙනවා. ඉන් අනතුරුව අවුරුදු විසි පහකට ආසන්න කාලය පුරාවටම හැම වසරකම වගේ  මම හොඳම ටෙලි නාට්‍යය නිළියට නිර්දේශ වුණා. නමුත් තවමත් ඒ සම්මානය මගේ අතට ගන්න පුළුවන් වුණේ නැහැ. හොඳම නිළියට නිර්දේශ වීමත් සම්මානයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. සම්මානයක් ලැබුණා නොලැබුණා ගැටලුවක් නැහැ. නිර්දේශ වීමත් සම්මානයක් ලෙස තමයි මම දකින්නේ.”

ඉතින් ඇයගේ දක්ෂතාවලට හිමි සම්මානය ඇය අතටම ලැබෙන දවස දුර නොවේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.