නිරංජනී ෂන්මුගරාජා කියන්නේ සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මෙරට පමණක් නෙවෙයි ජාත්‍යන්තරය ජයග්‍රහණය කරපු දක්ෂ සිනමා රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.සුනාම චිත්‍රපටයේ ඇය විසින් නිරූපණය කරපු ඒ අද්විතීය චරිතය නිසා ඇය විටින් විට සම්මානයට පාත්‍ර වුණා.

ඒ සියලු දක්ෂතා කුසලතා එක්ක රංගන ශිල්පිනියකට අමතරව ඇය රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් බහුතරයක් දෙනා මුලින්ම හඳුනා ගත්තා.ඇය හරිම දක්ෂ කලාකාරිනියක් ඕනෑම අංශයකින් ඕනෑම වැඩක් සාර්ථකව කර ගැනීමට ශක්තියක් ඇය සතුව තියෙනවා.

කාලෙකට කලින් ජාතික රූපවාහිනිය ලොතරැයි දිනුම් ඇඳීම රැගෙන ආවෙත් ඇය විසින්.හැබැයි මේ වෙදනම් ඇය ඒ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නෙ නැහැ. ඇය ඒ අවස්ථාවෙන් අයින් කරලා කියලත් සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් නිරන්ජනී කියන්නේ ලොකුවට හැඩ හුරුකම් තිබුණු කෙනෙක් නෙවෙයි.ඒ නිසාම මුලින්ම බොහෝ දෙනෙක් ඇයව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කරලා තියෙනවා කලා වැඩ කටයුතු වලින් විශේෂයෙන් නිවේදනය සම්බන්ධයෙන්.ඒ ගැන අහපුවම ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මාව උදාහරණයට ගත්තත් මම ලොකු සුදත් තියෙන කෙනෙක් නෙවෙයි. මාර ලස්සන කෙනෙකුත් නෙවෙයි මට තියෙන්නේ පිළිවෙලට හැදුනු දතුත් නෙමෙයි. ඉස්සර මගේ මූණ පිම්පල්ස් තිබුණා. without මේකප් මාව බලන්න මමම අකමැතියි. හැබැයි අදටත් මම නිවේදිකාවක් ලෙස අඩු නැතුව වැඩවල ඉන්නේ ඉන්නේ රූපයට වඩා දක්ෂතාවය ඉස්මතු කරගත් නිසා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇය ගැන කියලා තිබුණේ