මීට කලකට පෙර රිදී තිරය හා ප්‍රේක්ෂකයා වසංග කර කරගත් සුරූපී රුවකට උරුමකම් කියන ආදරණීය කලාකාරිනියක් තමයි ශේෂාද්‍රී  පියසාද් කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ දෙක තුළම විවිධ නිර්මාණත් එක්ක එකතු වුණා.

හැබැයි ඇය නැවත වතාවක් විවාහ වුණාට පස්සේ ආදරණීය දියණිය ඉපදුනාම  ටිකක් කාර්ය බහුල වුණා.හැබැයි ඒ කාර්ය බහුලතාවයත් එක්කම ආයෙමත් සැරයක් ශේෂාද්‍රි කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා පසුගිය දවස්වල අපි දැක්කා.

ඇය ප්‍රියසාත් පවුලේ දෙවෙනියා. ඒ වගේම අනිත් අය විදිහටම ඇයත් කලාවට ආදරය කරන දක්ෂ කලා තරුවක්.ඉතින් වසර කීපයකට කලින් ඇය සිනමා නිර්මාණයකට සහභාගි වෙලා තිබුණා.හැබැයි ඒ සිනමා නිර්මාණය තිරගත වෙන්න පටන් අරන් තියෙන්නේ මේ දවස්වල.ඒ නිසා එයට දැනෙන සතුට පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“වසර හය හතකට පසුව තමයි මගේ චිත්‍රපටියක් තිරගත වෙන්නේ. මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණ වලින් අවසන් වරට තිරගත වුනේ සූම් චිත්‍රපටය.ඉතින් මේ වෙද්දී බොහොමයක් දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම වගේ කියන්නේ ඔයාව ආපසු දකින්න ලැබීම සතුටුයි කියලා. ඉතින් මම හිතනවා හැමෝම වීර්යයා සහ සිහිනයකි ආදරේ නරඹයි කියලා. ඒ දෙකටම ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.අවුරුදු ගානකට පස්සේ චිත්‍රපටයක් තිරගත වීමේදී දැනෙන්නෙ හරියට පළමු චිත්‍රපටිය තිරගත වුනා වගේ හැඟීමක් හරිම සතුටුයි”

ඉතින් ඒ විදිහට අදහස් දක්වපු ඇයට ඇයගේ ඉදිරි කලා කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්ය නොමදව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.