Slider

අවුරුදු දාසයක් තිස්සේ රටවල් දෙකක ඉන්න ගමන් මම රඟපානවා. දැන් ඒක මට පුරුදු වෙලා


බොඳ මීදුම් ටෙලි නිර්මාණය හරහා රංගන ශිල්පිනියක් විදිහට කරළියට ආපු ඇය අද වෙද්දේ සිනමාවේ පමණයි ආකර්ෂණීය කඩිනියක් විදිහට අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වෙන්නේ.ඇය නමින් උදාරි වර්ණකුල සූරිය.උදාරි පුංචි තිරේ වගේම රිදී තිරයේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවස්වල ඇය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන්නේ ආසූ සිනමා නිර්මාණයේ ඇය නිරූපණය කරන චරිතය නිසයි. ඒවගේම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කරන කුසු මාසන දේවී චිත්‍රපටයේ රූගත කිරීම් වලටත් ඇය මේ දවස්වල සම්බන්ධ වෙලා තියෙනවා.

ජනප්‍රියත්වය හිමි පෙත්තේම ඉන්න උදාරේ නිතරම තමන්ට හොඳම දේ සිනමා නිර්මාණවලට ලබාදෙන්න අමතක කරන්නේ නැහැ.ඇය මේ දේ කරන්නේ රටවල් දෙකක ජීවත් වන ගමන්.හේතු ඇයගේ ආදරණීය සැමියා සහ දියණිය ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ. ඇයත් වැඩ කටයුතු නැති අවස්ථාවන්වලදී එහෙ යනවා. ඉතින් විදෙස් රටක ජීවත් වන ගමන් ලංකාවේ කලා නිර්මාණවලට දායක වෙන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී උදාරි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අවුරුදු දාසයක් තිස්සේ මම ඒ දේ කරනවා. ඒ නිසා මට ඒක දැන් පුරුදු වෙලා රූපගත කිරීම් තිබෙද්දී ලංකාවට එනවා. නැති කාලෙට දෝනි ගාවට යනවා. ඇය දැන් ලොකුයි අවුරුදු 12ක් ප්‍රේක්ෂකයන් තවමත් මාව බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට මග බලා හිඳින්නට දෙන්නේ නෑ මම කවදාවත් ඔවුන් මාව බලාපොරොත්තු වෙන තාක් මගේ නිර්මාණ  ඔවුන්ට ලබා දෙනවා”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය තමන්ගේ නිර්මාණ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo