දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙක් ටෙලි නාට රංගන ශිල්පියෙක් ඒ වගේම සිනමා පට වල ප්‍රධාන චරිත නිරූපණය කරපු රංගන ශිල්පියෙක් විදිහට කලාවට අවතීර්ණ වූ ඔහු  චන්න පෙරේරා.සුජාතා සිනමා පටය ඔස්සේ රිදී තිරයට පිවිසි චන්න ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත ටෙලි නිර්මාණය හරහා පුංචි තිරයේ බොහෝ දෙනෙක්ගේ හදවත ස්පර්ශ කරා.

චන්න කියන්නේ ගොඩක් අඩු වයසෙන් විවාහ වුණු කෙනෙක්. ඒ වගේම තමයි ඔහු විවාහ වුනේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වුනු ගායාත්‍රී ඩයස් සමඟයි. ඊට පස්සේ විවාහයෙන් ඔහුට ආදරණීය දුවලා දෙන්නෙක් ලැබුනා.ගයත්‍රි සහ චන්න විවාහ වුණේ ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට.ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට විවාහ වුණු ඔවුන් දෙදෙනා අද වෙද්දි වෙන්වෙලා.ඉතින් ඒ ගත් තීරණය ගැන චන්න කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එහෙම කිසිම හේතුවක් නෑ. ඒ අපි දෙන්නගෙ තිබුණු නොගැළපීම. අපි දෙන්න දෙන්නෙක්නෙ. මම චන්න පෙරේරා. එයා ගයත්‍රි ඩයස්. සිදු වුණු සමහර දේවල් අද වැරදියි කියල හිතුනට ඒ වෙලාවෙ වැරදියි කියල හිතෙන්නෙ නෑනෙ. මට සාපේක්ෂව මං හරියි කියන දේ වගේම ගයත්‍රිට සාපේක්ෂව එයා හරියි කියල හිතන දේත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ඇඟිල්ල දික්කර ගන්න බෑ ඉතින්.

අපිටත් දරුවො වෙනුවෙන් ලොකු ඉවසීමක් තිබුණා. මං කියන්නෙ නෑ අපි ගත්ත තීරණේ හරිම තීරණේ කියලා. දික්කසාද වෙන එක නෙවෙයි එකම තීරණය. ඒ වෙලාවෙ අපිට වෙන විසඳුමක් පෙනුණෙ නෑ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔවුන් දික්කසාදය තීරණය කරලා තියෙන්නේ. කෙසේ නමුත් අදටත් මවුපියන් විදිහට ඔවුන් දරුවන්ගේ විශේෂ අවස්ථාවන්වලදී පෙනී සිටිනවා