නතාෂා පෙරේරා කියන්නේ රංගන ශිල්පිනියක් ගායිකාවක් විදිහට කලාවට ආපු තවත් දක්ෂ කලා තරුවක්.නතාෂා ගැන කතා කරද්දි ඇත්තටම ඇය පුංචි කාලෙදිම තමයි රංගනයට අවතීර්ණ වෙන්නේ.ඒ වගේම ඇය පුංචි කාලෙ ඉඳලම ගීත ගායනා කරන්නත් පටන් ගත්තා.

නතාෂා මුලින්ම රංගන ශිල්පිනියක් විදිහට කරළියට ආවේ දඟ මල්ල කියන ටෙලි නිර්මාණය හරහා.ඒ කාල සීමාවේදීම ඇය ගායනා කරා සුළඟක් වී මං යනවා කියන ගීතය.මේ සියලු දේවල් එක්ක නතාෂට හැකියාව ලැබුණා ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන් දන්න කියන කලාකාරිනියක් වෙන්න.

කොහොම නමුත් ඇය ක්ෂේත්‍රය තුළ ඒ විදිහට ප්‍රසිද්ධ වෙද්දි ඇය ජනප්‍රියත්වයේ හිමි පෙත්තේම ඉන්න කාල සීමාවකදී ප්‍රිහාන් පෙරේරා නමැති 

 ගායන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ  චරිතයක් සමග විවාහ වෙනවා.හැබැයි විවාහ වුණාට මේ දෙනනා කවදාවත් එකට නිර්මාණයක් කරලා නෑ.ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඇයි කියලා අහලා තිබ්බා.ඒ වගේම මේ දෙන්නා වැඩිය සමාජ මාධ්‍ය පුරාවටම පෙනී ඉන්නේ නැති නිසා දෙන්නම ඩිවෝස් වෙලා ඇති කියලත් හැමෝම කිව්වා.සමාජය තුළ ඇයගේ ඩිවෝස් එක ගැන ඒ විදිහට කතා කරද්දි ඇය ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ දික්කසාදය පිළිබඳව මගේ ඩිවෝස් එක පිළිබඳව මම කතා කරන ප්‍රථම අවස්ථාව මේක.අර අපි කියනවනේ ගින්නක් නැතුව දුමක් නඟින්න නෑ කියලා.ඕනෑම විවාහ ජීවිතයක උස් පහත් වීම් තියෙනවා.ඔහුගේ අදහස් මගේ අදහස් එක්ක නොගැළපෙන අවස්ථා තියෙන්න පුළුවන්.අඬලා තියෙනවා රණ්ඩු වෙලා තියෙනවා.හැබැයි අපි ඩිවෝස් වෙලා නැහැ”

ඉතින් ඇය මේ විදිහට ඇයගේ දික්කසාදය ගැන අය කතා කරන පළමු අවස්ථාව කියලා සඳහන් කළේ. සමාජය ඇයගේ දික්කසාදය ගැන කතා කරපු නිසා නිසා ඇය ඒ පිළිබඳව කතා කරපු පළමු අවස්ථාව මේක කියලයි.හැබැයි ඇත්තටම මේ දෙන්නා දික්කසද වෙලා නැහැ. තාමත් සතුටින් ජීවිතය ගත කරනවා.සමාජය තමයි ඔවුන් දෙදෙනා දික්කසාද වුණා කියන තැනට පත් කළේ.

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය තමන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට තවත් බොහෝ කාලයක් සතුටින් ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නේමු.