පසුගිය දවසක බහුතරයක් දෙනා කතා බහට ලක් කරපු විවාහ මංගල්‍ය උත්සවයක් බවට පත්වුණා. අශේන් සේනාරත්නගේ විවාහ මංගල්‍ය උත්සවය.ඒකට හේතුව අශෙන් කියන්නේ යූටියුබ් කෙනෙක්.ඒ වගේම ඔහු සමාජ මාධ්‍ය හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

අශේන් නීතිඥවරයෙක් වෙනකම්ම ඉගෙන ගත්තු තරුණයෙක්. ඒ වගේම අද වෙද්දී ඔහුගේම කියලා ව්‍යාපාර ජාලාවක් පවත්වාගෙන යනවා.මේ දේවල් එක්ක ඔහුගේ හිත ගත්තු  ශීනාදී කියන්නේ කවුද කියලත් බහුතරයක් දෙනා හොයලා තිබුණා.එනිසා ඇය කාගේ කවුද කියලා තමයි මේ කියන්න සූදානම.

ඇය නමින් ශීනාදී පෙරේරා.ඇයට වයස අවුරුදු විසි හතරයි.ඇය සුප්‍රසිද්ධ දේශපාලන පවුලක එකම ගැහැණු දියණිය.ඒ වගේම තමයි ඇයගේ ආදරණීය පියා ඡඡන්දය ඉල්ලපු පුද්ගලයෙක් වගේම ඔහුට මනාප කීපයයි මදි වුනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න.ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට පසුගියවර ඉදිරිපත් වූ කෙනෙක්.ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කරලා තියෙනවා.

ඊට අමතරව ඔහු කාය වර්ධන උපකරණ හා සම්බන්ධිත ව්‍යාපාරයක හිමිකරුවෙක්.ඇයගෙ පියා නම් මෙරිල් පෙරේරා.

ආරංචි වන විදිහට  බොහොම විනෝදයෙන් සැහැල්ලුවෙන් තමයි මේ පවුල ජීවත් වෙන්නේ.ඒ නිසාම
අශේන්ටත් ඉදිරිය සුභ වේවි