ඇයගේ රුව දුටු සැණින් වගේම කටහඬ අහපු සැනින් බොහෝ දෙනෙක් මේ සුන්දර ගායිකාව දන්නවා.ඇය නමින් අමිලා නදේශානී.අමිලා ගැන කතා කරද්දි ඉතාමත් දුක් ගැහැට විඳගෙන තමයි අද ඇය ඉන්න මේ තත්වෙට ඇවිල්ලා තියෙන්නෙ.

ආදරණීය දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන අමිල ගෘහණියක් විදිහට බිරිඳක් විදිහට මවක් විදිහට නිවසේදී තමන්ගෙන් ඉටු කරන්න ඕනේ උපරිම යුතුකම් ප්‍රමාණය ඉටුකරන කෙනෙක්.ඒ වගේම තමයි ගමේ ඉඳලා සංගීත වැඩ කටයුතු කරන්න බැරි නිසා ඇය කොළඹට එනවා.කොළඹ ඇවිල්ලා ප්‍රසංග වලට සහභාගී වන ගමන් සංගීතය ජීවිතයේ අලුත් පරිච්ඡේදයන් කීපයක්ම ආරම්භ කරන්න ඇය අමතක කරේ නැහැ.

කොයිතරම් ඉහළට ගියත් ඇයට ගමේ හැදී වැඩුණු ඒ සුන්දර පරිසරය අමතක කරන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අමිලා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ගමේ ඉපදිලා ගමේම හැදුනු වැඩුණු මට කුඹුරු වැඩ අරුමයක් නෙවෙයි. අමිලා නදීෂානි කියන මේ මම ගායිකාවක් උනේ කොළඹ පදිංචියට ගිහිල්ලා නෙවෙයි. ගමේ ඉන්න කාලෙත් මම සංගීත වැඩ කටයුතුවල නියැලුන.එදා ඉඳලා කුඹුරු වැඩත් කලා. සංගීත කටයුතු වැඩි දියුණු කරගෙන ගිය ගමනෙදි ඒ වැඩ කටයුතු වල පහසුවටත් දරුවෝ දෙන්නගේ අනාගතය වෙනුවෙන් කොළඹින් ගෙයක් අරගෙන පදිංචි උනාට අපිට කවදාවත් උපන් ගම වත්ත පිටිය කුඹුර අමතක කරන්න බැහැ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයගේ ඉදිරි ජීවිතය ආදරණීය දරුවන් දෙදෙනා සමග සතුටින් ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක්  කරන්නෙමු.