දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ඔස්සේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ඒ සුන්දර නිවේදිකාවන් නම් ඩිල්කා සමන්මලී.දිල්කා ගැන කතා කරද්දි කාටත් කලින්ම මතක් වෙන්නේ කළු දිග කන්නාඩි දාගෙන රූපවාහිනී තිරය ඉදිරියට එන ඇයගේ රවුම් මුහුණ.

ඇය නගන ප්‍රශ්න වලින් නිරුත්තර වෙච්චි ප්‍රසිද්ධ දේශපාලන චරිත බොහොමයක් හිටියා.ඒ නිසාම මාධ්‍ය ක්ෂේත්‍රය තුළදී ඇයට විවිධ චෝදනා සහ මඩ ප්‍රහාර ඕනවටත් වඩා එල්ල වුණා.හැබැයි ඇය මේ සියලුම අත්දැකීම් එක්ක ටික කාලයකට කලින් තීරණය කරනවා කරනවා තාවකාලිකව ලංකාව අතහැරලා ඕස්ට්‍රේලියාවට යන්න.

ඇය මේ තීරණය ගන්නේ ඇයගේ ආදරණීය පවුලේ සුභ සිද්ධිය උදෙසා.ඇය සදහන් කරනවා කවදාවත් අය නිවේදිකාවක් වශයෙන් ආපු ගමන් මඟ අමතක කරන්නෑ කියන දේ.ඒ වගේම දෙරණ නාලිකාව ඇය හැදුනු තැන නිසා කවදාවත් සම්පූර්ණයෙන්ම නිවේදන වෘත්තීයෙන්  අයින් වෙනත් ඇය සූදානම් නැහැ. කෙසේ නමුත් හදිසියේම ඇය කොහාටද මේ යන්නේ හදන්නේ කියලා අහපු මොහොතක පිළිතුරු දීලා තිබ්බේ මේ විදිහට.

“මම යන්නේ ඕස්ට්‍රේලියාවට එහෙ මට නපුරුදු තැනක් නෙවෙයි. මගේ අම්මයි තාත්තයි දැන් අවුරුදු විස්සකට වැඩිය එහි ජීවත් වෙනවා. එයාලා එහේ පුරවැසියෝ. මටත් කලින් ඉඳලම එහේ ස්ථිර පදිංචිය ලැබිලයි තිබුණේ.ඒත් මම එහේ පදිංචියට ගිය නෑ මම අම්මලා බලන්න එන්නේ නැහැ කියලා එයා මට නිතර චෝදනා කරනවා ඉතින් ඒ අය ගැනත් දැන් ටිකක් හිතන්න ඕනේ කියලා මම හිතුවා”

ඒ සියලු දේවල් එක්ක ඇය තව සුළු දවසකින් රට අතහැර යන්න සූදානම් ඒ ගමනට අපිත් හදවතින්ම සුභාෂිංශණ එක් කරන්නෙමු