පසුගිය කාලසීමාවේදී ගෑස් මිල සම්බන්ධයෙන් නොයෙකුත් කතාවන් සමාජය තුළ ගොඩ නැගුනා.බහුතරයක් දෙනා භාණ්ඩ හා සේවා මිල වැඩිවීමත් සමග අති දුෂ්කර කාලවකවානුවක් ගත කරද්දී සැම විටම  ජනතාව වෙනුවෙන් නිසි දැක්මක් යටතේ තීන්දු තීරණ ගත් සමාගමක් තමයි ලිට්රෝ සමාගම කියන්නේ.

ජනතාව වෙනුවෙන්ම කැපවෙන  ඔවුන් මාර්තු මස ලෝක වෙළඳපළේ ගෑස් මිල නොවෙනස්ව පැවතීම හේතු කොටගෙන  එහි වාසිය සියපාරිභෝගිකයන්ට ලබාදීම උදෙසා මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ අනුව 2024 වර්ෂයේ මාර්තු මසට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව,

12.5 kg මිල රු.4250.00

5kg මිල රු.1707.00 

2.3kg මිල රු.795.00

ලෙස පෙර පරිදිම පවතිනු ඇත