පසුගිය දවසක දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේ කිරුළ දිනා ගත්තේ ආදරණීය ගායිකා අංජලී හේරත්.ටික කාලෙකට පස්සේ කාන්තාවකට ප්‍රථම ස්ථානය හමුවුණු මේ සුන්දර අවස්ථාවේදී බොහෝ දෙනෙක්  ඇයගේ කටහඬට ආදරය කරන්න පටන් ගත්තා.

හරිම නිහතමානි අව්‍යාජ ගති පැවැතුම් තියෙන අංජලිට තරගාවලියෙන් පස්සේ රසිකයන්ගෙන් හිතන්නැති හිතුවත් නැති ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.ඒ සියලුම දේවල් එක්ක ඇය ගැන ටිකක් කතා කරොත් ඇයගේ උපන් ගම තඹුත්තේගම.ඇය අධ්‍යාපනය ලබන්නේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ.ඇය පවුල වැඩිමලා අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි තමා ඇගේ ගෙදර ඉන්නේ.

අංජලීට මේ ගායන හැකියාව පරම්පරාවෙන් ලැබුණ උරුමයක්. මොකද ඇයගේ සීයට ඒවගේම අම්මලට අම්මලගෙ අයියලා දෙන්නටත් හොඳින් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා.ඉතින් අද වෙදියේ හැකියාව ඇයටත් පිහිටලා.අද වන විට අංජලේගෙ සිහිනය සැබෑවුණු අවස්ථාවේදී ඇය හරි අපූරු කතාවක් කියලා තිබුණේ මේ විදිහටයි.

“සිංදු කියන එක නතර කරන්න බෑ. යොනිෆෝම් එකක් අඳින්නත් ඕනි. කොහොමහරි මගේ වාසනාවට ඒලෙවල් ඉවර වෙනකොටම පත්තරේ තිබුණු දැන්වීමකට අනුව අයදුම් කරලා යුනිෆෝම් ඇඳගෙන සිංදු කියන්න පුළුවන් විදිහට මට ගුවන් හමුදාවේ රැකියාවක් හිමි වුණා. අද මම එහි ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂණයෙන් නිත්‍ය ගායිකාවක් ලෙස කටයුතු කරනවා”

අද වන විට ඇය ඇවිල්ලා තියන ගමන් මග හරිම සුන්දර ගමන් මගක්. ඉතින් ඉදිරියටත් ඇයගේ වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු