කලා ලෝකයට විවිද අවස්ථාවන්වලදී අලුත් අලුත් මුහුණු එකතු වෙනවා. ඒ විදිහට කලාවට අවතීර්ණ වෙලා මුල්ම ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තෝ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ෂයිනි රෝජනා නෙත්ති කුමාර කියන්නේ.

ඇය මේ දවස්වල ටෙලිනාට්‍ය නිර්මාණ සඳහා දායකත්වය ලබාදෙන අතර ඇයගේ පළමුව සිනමා නිර්මාණය වන ශ්‍රී වික්‍රම චිත්‍රපටය තිරගත වීමත් එක්ක ටිකක් සතුටින් ඒ වගේම කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා.

ඇය ඉගෙන ගන්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ.පාසල් වේදිකාව තමයි ඇයට රංගනයට මග පාදලා දීලා තියෙන්නේ.එය ලැබුණු පන්නරයත් එක්ක ඇය සුජාතා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.ඊට කලින් සිරස නාලිකාවේ පුංචි පැංචි වැඩසටහනටත් ඇය සහභාගී වුණා.

ඒ දේවල් එක්ක කලාව තුළ අද වෙද්දි දුර ගමනක් ඇවිත් ඉන්න ඇය ඉදිරියේදී ඇය රැඳිලා ඉන්න ආස ක්ෂේත්‍රය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම ආසාවෙන් ඉන්නේ ප්‍රාථමික අංශය ගුරුවරියක් වෙන්න ඒ දේත් කරන ගමන් කලාවේ නිර්මාණවලටත් දායක වෙමින් සතුටින් ඉන්න තමයි කැමති.මම කලාවට එන්න පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියා. මට ඕනි වුනේ ජීවිතයේ ආස කරන චරිත ටිකක් කරන්න කලාවට එන්න ලැබීමත් එක්ක ජීවිතයට ලොකු අත්දැකීම් ටිකක් එකතු කරගන්න පුළුවන් වුණා.ඒ දේවල් සහ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය එක්ක නිහතමානී ආඩම්බරයක් දැනෙනවා”

ඉතින් ඇය ඇයගේ ජීවිතය ගැන ඔන්න ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.