Slider

මමම තමයි මගේ ඇඳුම් ඩිසයින් කරගන්නෙ අම්මා මට ඒවට උදව් කරනවා අලුත් අලුත් විලාසිතා කරන ආදිත්‍යා වැලිවත්ත

 ඇය ක්ෂේත්‍රයට එන්නේ රියලිටි වේදිකාවකට ගොඩ වීමෙන් අනතුරුව.රියලිටි තරගාවලියක ගායනා කරපු එක සින්දුවක් නිසා ඇය මුළු ලංකාවම දන්න කියන ගායිකාවක් බවට පත්වුණා.ඇය ඒ ආකාරයෙන් ගායනා කරේ නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කියන ගීතය.

ආදිත්‍යා වැලිවත්ත කියන මේ ගායිකාව  මුලින්ම ක්ෂේත්‍රයට එද්දී අවුරුදු දාහතරක පහළොවක තරුණ ගැහැණු ළමයෙක්.හඬ වගේම ලස්සන රුවක් තියෙන ඇය ගල් මුල් මැද්දෙන් ඇවිත් තියෙන මේ ගමන හරිම සුන්දර ගමනක්.තවත් සමහරක් දෙනා කිව්වා ඇයට ලස්සනට ගීත ගායනා කරන්න බෑ කියලත් ඒ වගේ විවිධ චෝදනාවන් අපහාසයක් මැද්දේ අද වෙද්දි අය ගායිකාවක් ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක් විදිහටත් විදියටත්.

මේ වෙද්දී ඇයගේ අධ්‍යාපන කටයුතු තවම ඉවර නෑ. පාසල් ගිහින් ඉවර වුණත් ඇය බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරනවා.ඉදිරියේදී උපාධියක් දක්වා ඉගෙන ගනීද කියන දේ සම්බන්ධයෙන් ඇය තවම තීරණයක් අරගෙන නෑ කියලත් සඳහන් කළා.සාමාන්‍යයෙන් ආදිත්යා ලස්සනට අඳින කෙනෙක්. ඒ වගේ ෆැෂන් කරන්න කවුද ඇඳුම් ඩිසයින් කරන්නේ කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මමම තමයි මගේ ඇඳුම් ඩිසයින් කරගන්නේ කරගන්නේ. අම්මේ තමයි මට ඒවට උදව් කරන්නේ. මට එහෙම විශේෂයෙන් ඇඳුම් ඩිසයින් කරලා දෙන්න කෙනෙක් නෑ. අපි දෙන්න එකතු වෙලා තමයි ඒ දේවල් ඩිසයින් කරලා මහන්නෙ.හුඟක් අය මට ආදරෙයි ඒ නිසා මම කැමති නෑ ඒ ආදරය සහ ආකර්ෂණය ගැහැණු පිරිමි වශයෙන් කොටස් කරන්න.ඒ වගේම මම හරිම වාසනාවන්තයි මේ වගේ වයසකදි එහෙම ආදරයක් ලබන්න”

ඉතින් ආදිත්යා ඔන්න ඔය විදිහට තමයි ඇය ගැන අදහස් දක්වලා තිබුණේ.ඉතින් ඇගේ ඉදිරි ගමනට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo