Slider

මට මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න තිබුණා මගේ පවුලෙත් වෛද්‍යවරු ගොඩක් ඉන්නවා

අමන්දා පෙරේරා කියන්නේ හිරු ස්ටාර් සීසන් 2  හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු ආදරණීය ගායන ශිල්පිනියක්.ඇය හිරුස්ටාර් හරහා බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ සංගීතයට ඇලුම් කරන ආදරණීය ගායිකාවක් විදිහට. අද වෙද්දි පුංචි තිරයේ නිම වෙන ටෙලි නිර්මාණ බොහොමයකට ඇය පසුබිම් ගීත ගායනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.

මෙවැනි ඇය ටෙලිනාට ගීත විතරක්ම හත්සීයකට එහා ගායනා කරලා තියෙනවා.ඇය සඳහන් කරලා තියෙන විදිහට ඒක වාර්තාවක්.ඒ ගැන දවසක ඇය කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් සඳහන් කළා.

ඒ වගේම තමයි අමන්දා මේ වෙද්දි විවාහ වෙලා.ඇය විවාහ වුණේ හිරුස්ටාර් වේදිකාවේ කැමරා කරන ශිල්පියෙක් සමඟයි.ඒ කාලේ ඉඳන්ම ඔහු ඇයට ඇයගේ ගමන යන්න ලොකු සහයෝගයක් දීපු කෙනෙක්.එනිසාම ජීවිතයටත් සහකරු විදිහට ඇය ඔහුව තෝරාගෙන තියෙනවා.

අමන්දා අද වෙද්දි ගායිකාවක් වුණත් ගායිකාවක්  නොවුනා නම් මොන වගේ රැකියාවක නිරත වෙයිද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එහෙනම් මම මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න ඉඩ තිබුණා. මම හරි ආසයි මගේ පවුලෙත් ගොඩක් වෛද්‍යවරු ඉන්නවා. මම හරිම ආසයි සහ ගරු කරනවා වෛද්‍ය වෘත්තියට”

ඉතින් ඒ සම්බන්ධයෙන් අමන්දා කියලා තිබ්බ ඒ වගේ කතාවක්.ඇයට මේ වෙද්දි රංගනයටත් ඇරවුම් ලැබිලා තියෙනවා. හැබැයි ඇය මේ වෙනකන් ඒ දේවල් බාර අරගෙන නැහැ. ටිකක් වෙනස් චරිතයක් ලැබුනොත් ඇය ගැන සලකා බලනවා කියලත් සඳහන් කළා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo