සිනමාව තුළත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු  ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.මාලනී ෆොන්සේකාගේ ආදරණීය ඥාති දියණියක් වන ඇය මුලින්ම කලාවට අවතීර්ණ වුණේ සිනමාව හරහායි.

එතැන් පටන් කලාවේ බොහෝ නිර්මාණවලට සම්බන්ධ වුණු සෙනාලි පසුගිය කාලසීමාවේදී නම් ටිකක් කලාවෙන් ඈත් වෙලා තමයි හිටියේ. ඒකට හේතුව ඇයගේ ආදරණීය පියාගේ වියෝව සහ මවගේ හදිසි අසනීප තත්ත්වය නිසයි.

කෙසේ නමුත් අද වන විට අවාසනාවන්ත ලෙස ඇයගේ ආදරණීය මව සහ පියා ජීවතුන් අතර නැහැ.දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් ළඟ ඉන්න ඕනි කාල සීමාවේ ඒ ආදරය සෙනෙහස දැනෙන්නේ නෑ කියන්නේ ඇත්තටම ඒක විඳ දරා ගන්න අපහසු හැඟීමක්. ඉතින් ඒ හැඟීම පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්

“මුලින්ම තාත්ති නැති වුණා.තාත්තෙ නැති උනාට පස්සේ අම්මි කියලා කියන්නේ මගේ ජීවිතේ අංක එක.අන්තිමට එයාට දැනෙන්න පටන් ගත්තා එයා මගේ දරුවෙක් විදිහට.එතකොට මම මගේ අම්මට අම්මා කෙනෙක් උනා.අන්තිම කාලයා මා පැනලයිස් වෙන්න කලින් අම්මා මට අම්මා කියලා කතා කරන්න පටන් ගත්තා. මොකද අම්මට තාත්ති නැතිවුණාට පස්සේ ඒ ආපු ෂෝක් එකක් එක්ක ඩිමෙන්ශියා කියන රෝගී තත්ත්වය ඇති වුණා.එනිසා ඒ ගොල්ලන්ට දේවල් අමතක වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කුඩා වයසට යනවා”

ඉතින් අවසානයේ ඇය තමන්ට හැකි ආකාරයෙන් ආදරණීය අම්මව හොඳට බලාගෙන ඒ මතකත් එක්ක ජීවත් වෙනවා.ඉතින් ඇයගේ ආදරණීය මවට ඇය හිතන පතන ලෝකයකින් සසර කෙළවර කරගන්නට වාසනාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු