කලා ලෝකය තුළ බහුතරයක් දෙනා ආදරය කරන ආදරණීය කලාකරුවෙක් තමයි විශ්ව කොඩි කාර කියන්නේඑදා පවලු ටෙලි නිර්මාණය හසරැල් කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු අද වෙද්දි පුංචි තිරයේ රිදී තිරයේ විවිධ චරිත හරහා ජනතාවගේ ආකර්ෂණය දිනා ගත් රංගන ශිල්පියෙක් බවට පත්වෙලා.

විශ්ව ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් කලාකරුවන් බහුතරයක් දෙනා වාහනවලට ආසයි.ඒ අතරින් රථගාය වැඩිපුරම තිබ්බ කෙනෙක් තමයි විශ්ව කියන්නේ.ඔහු මුලින්ම වාහනයක් පදින්නේ පහ වසරෙදි. ඒ ඔහුගේ මාමා කෙනෙක්ගෙ වාහනයක්.

මේ වෙද්දි ඔහු වාහන පහ හයක් පාවිච්චි කරලා තියෙනවා.ඔහුගේ රංගන කටයුතුවලට යන්න එන්න පහසු ආකාරයේ වාහන ඒවගේම ඔහුට හිතට එන ආකාරයේ වාහන අරගෙන පාවිච්චි කරන්න විශ්ව අමතක කරන්නේ නැහැ.ඉතින් මේ දවස්වල වාහන ගැන අහපුවම ඔහු කිව්වෙ මේ වගේ කතාවක්.

“රංගන ශිල්පියෙක් විදිහට මම කැමති මගේ රැකියාවට ගැලපෙන්න සහ ඒකට ගරුත්වයක් දෙන්න වාහනයක් පදින්න.ඇත්තටම දැම්මට වාහනයක් නෑ මේ දවස්වල වාහනයක් හොයනවා. මට අන්තිමට පළාත් සභා ෆැජරෝ එකක් තිබ්බේ. ඒක මම ගාව අවුරුදු හතක් තිබුණා. “

ඉතින් වාහන ගැන ඇහුවට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඔහු පිළිතුරු දීලා තිබුණේ.