ජැක්සන් ඇන්තනී මහත්මයා තමන්ගෙන් පස්සේ තමන් වගේ තැනක් ගොඩනගා ගෙන ඉදිරියට යයි කියලා කලාව තුළ බලාපොරොත්තු රඳවා  තබාගත්තු ආදරණීය කලාකරුවෙක් තමයි ඔහුගේ බාලපුත්වන සජිත අනුත්තර ඇන්තනේ කියන්නේ.

සජිත පුංචි කාලෙ ඉඳන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක්.එදා අවුරුදු එකොළහක් සම්පූර්ණ වන තැන 2004 වසරේ තිරගත වුණු සූරිය අරණ සිනමා පටයේ වැදි දරුවාගේ චරිතයක් හරහා තමයි සජිත මුලින්ම සිනමාවෙන් ප්‍රේක්ෂකයන් හමුවට ආවේ.

ඊට පස්සේ මෑත කාලේ විකාශය වූ මෙගා ටෙලි නාට්‍යයක් වුය් නාඩකම්කාරයෝ ටෙලි නාට්‍යයෙ සරා කියන චරිතයකිනුත් ඔහු ප්‍රේක්ෂකයන් හමුවට ආවා. මේ වෙද්දි නම් ටෙලි නාට්‍ය කලාවෙන් ටිකක් ඈත් වෙලා ඔහු සිනමාව පැත්තට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ.

ඒ වගේම සජිත ආදරණීය බිරිඳ සහ පුතා එක්ක ටික කාලයක් ඔහුගේ විවිධ ප්‍රසංග වැඩ කටයුතු සඳහා විදෙස්ගත වෙලා කාලය ගත කරනවා.දැන් සජිත ආදරණීය තාත්තා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න කලින් ඔහු දුවෙක්ට් කරපු පුතෙක්ටද ආස කරේ කියලා අහපු අවස්ථාවකදී බූවී කිව්වේ මේ වගේ කතාවක්.

“බබෙක් ලැබෙන්න ඉන්න බව දැන ගත්තම තමයි සජිතගේ කැමැත්ත පුතෙක්ක මාරු උනේ. හැබැයි බෝවීට නම් මුල ඉඳලම ඕන වුනේ පුතෙක් කියලයයි එයා කිව්වේ.මම ආසාවෙන් හිටියේ දුවෙකුට ඒත් කැමති වුනේ සහ ඕනි වුනේ පුතෙක් ආසාවයි කැමැත්තයි දෙකක් නේ.තාත්තල ගොඩක් කැමති දුවලට ඒත් පුතෙක් හිටියහම ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා. කොහොම වුණත් කවුරු වුණත් මට එකයි. ඒත් දැන් නම් පුතා මගේ ෆේවරිට්”

ඔන්න ඔය විදිහට තමයි සජිත ඔහුගේ පුංචි පවුල ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.