එදා ජිප්සීස් සංගීත කණ්ඩායමේ පිටි කොටපං නෝනේ කියන ගීතයට අනුව හරි අපූරුවට නර්තන විලාසයක් ඉදිරිපත් කරපු ඇය ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් වූ නිලන්ති ඩයස්.ඇයගේ මේ නර්තන විලාශය නිසාම තමයි බහුතරයක් දෙනා ඇයව දැන හඳුන ගත්තේ.

නර්තනයට අමතරව පසුකාලීනව ඇයට අවස්ථාව උදාවුනා. සිනමාවේ අති දැවැන්ත චරිතත් සමඟ එකට රඟපාන්න.මෑතකදි නම් ඇය සම්බන්ධ වෙච්ච කලා වැඩ කටයුතු අපි දැක්කේ නැහැ. හේතුව ජීවිතේ බොහොම සුන්දරව ගෙවන්න ඕනි කාර්යබහුල වෙන්නැතුව හැමදේම කරගන්න ඕනි කියන තැන ඇය ඉන්න නිසා වෙන්න ඇති.

ඇයට කොයිතරම් වැඩ තිබුනත් කාර්ය බහුල වෙන්න බැහැ. ඇය ඒකට ආසත් නැහැ.ඒ වගේම ආදරණීය දියණිය ඉපදුණාට පස්සේ නිර්මාණ බාර නොගෙන දියණියත් එක්කම කාලය ගත කරන්නත් ඇය අමතක කරලා නැහැ.ඒ සියලු දේවල් එක්ක ආයෙමත් සැරයක් ඇය තමන්ගේ නර්තනය සහ කලා කටයුතු ගැන හිතන්න පටන් අරන්. දැන් දියණියත් ටිකක් ලොකු නිසා ඇයට ඒ සඳහා ලොකු නිදහසක් අවස්ථාවක් තියෙනවා.

රංගන ශිල්පිනියක් උනහම විවිධ වැඩසටහන් ඒ වගේම කලා කටයුතුත් එක්ක නිරන්තරයෙන්ම කාර්යබහුල වෙන කෙනෙක්.එනිසාම ඇගේ මේ කාර්යබහුලතාවය මඟහරවා ගැනීමට නිලන්තිගේ ආදරණීය සැමියා ඇයට දෙන සහයෝගය පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මහත්තයා ව්‍යාපාරිකයෙක් වුණාට විවේකයක් ලැබුණු ගමන් ගෙදර වැඩ කටයුතු ගැන හොයලා බලලා ඔහුට කරන්න පුළුවන් හැමදේම කරනවා.මම මොන නිර්මාණයට දායක වෙන්නෙත් දුවගේ මහත්තයාගේ වගේම ගෙදර වැඩ වලට අසාධාරණයක් නොවන විදිහට.ප්‍රධානම දේ තමයි අපි දෙන්නම හිතන්නෙ මේ හැමදේම අපේ ගෙදර වැඩ කියලා. ඒ තුළ හැමදේම ඉබේම බැලන්ස් වෙනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි නිලන්ති ඇය ගත කරන පෞද්ගලික ජීවිතය සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.