පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණ හරහා ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට අත්වැල් බැඳගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ.පසුගිය කාල සීමාව වේදනම් ඇය කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපිට දැක බලා ගන්න හැකියාව ලැබුණේ නැහැ.


ඒකට හේතුව ඇය උතුම් මව් පදවිය ලබපු නිසා සහ ඒ දේවල් එක්ක ටිකක් විවේකයෙන් ඉන්න ඕනි කියලා ඇය තීරණය කරපු නිසයි.රුවන්ගෙ ඉගෙන කතා කරද්දි ඇය සාර්ථක ගෘහණියක් විදිහට ආදරණීය සැමියාට රසට කෑම උයන බිරිඳක්.ඉතින් ඇය කෑම බීම ගැන එක්තරා අවස්ථාවකදී පුවත්පතකට සඳහන් කෙරු අදහස් කිහිපයක් තමයි මේ කියන්න සූදානම.


ඇයගේ ඥාති හිත මිත්‍රයන් ඒවගේම සැමියා කියන විදිහට රුවන්ගිට රසට උයන්න පුළුවන්. ඒ වගේම ඇය නිතරම බත් මාළු කන්න කැමතියි රංගන ශිල්පිනියක්.ඒ නිසාම නිතර ගෙදර මස් මාළු වර්ග එළවලු පලා වර්ග හැදෙනවා.ඒ වගේම තමයි රුවන්ගිට රසට කන්න බොන්න ඕනි නිසාම ඇය කෑම පාලනය කරනවාද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.


“කාලයක් නම් ඇත්තටම මම ජිම් එකට ගියා. ඊට පස්සේ ජිම් එකට ගියෙත් නැහැ. කෑම පාලනයක් තිබුනෙත් නැති නිසා ටිකක් මහත් උනා.දැන් නම් ටිකක් කෑම පාලනය කරනවා. මම බොහෝ දුරට ගෙදරන කෑම හදන්නේ මම හැමවෙලාවෙම ගෙදර එළවළු පලා වර්ග වගේ දේවල් එදිනෙදා කෑම වලට එකතු කරගන්නවා.එතකොට හැමදාම නැතත් බැලන්ස් කරලා ගුණාත්මක පෝෂදායි සෞඛ්‍ය ආරක්ෂිත කෑම හදන්න උත්සාහ කරනවා.”


ඉතින් රුවන්ගේ ගෘහනියක් විදිහට ඔය විදිහට තමයි ඉවුම් පිහුම් කටයුතු කරන්නේ. ඇය සිද්ධ කරන ඒ සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන ලස්සනට ජීවත් වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.