රංගන ජීවිතයේ පනස් වසරක් ගෙවා නවතින තැන ඔහු ශ්‍රී ලංකා සිනමාවේ අමරණීය සටහනක් තැබූ සොඳුරු කලාකරුවෙක් විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පියෙක්.  ඒ වෙන කවුරුත් නෙවෙයි ඔබත් මමත් හඳුනන ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය මහතායි.


වර්ෂ  1945 ඉපදිලා 1971 වර්ෂයේදී තමයි ඔහු කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. එදා මෙදා තුර කාලය පුරාවටම විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන් ඔහුගේ කඩවසම් පෙනුමට ලැබුණු වූ ආකර්ෂණීය බව නම් අඩුවක් නැහැ.


ඇත්තටම ලස්සනට ඉන්න මොන වගේ දේවල් කරනවද කියලා අහපු අවස්ථාවකදී ඔහු කිව්වේ නිසි ශාරීරික යෝග්‍යතාවය සහ සෞඛ්‍ය සම්පන්න විදිහට ඔහු ජීවත් වෙන්න උත්සාහ කරන නිසා බාහිර ආලේපන වැනි දේවල් වලින් බොරුවට ලස්සන වෙන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ කියලයි.


ඒ වගේම තමයි රංගන ශිල්පියෙක් වුණහම තමන්ගේ ශරීර බර ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනේ.ආවට ගියාට කෑම කෑවොත් හිතන්නෙවත් නැති මොහොතක මහත් වෙන්න පුළුවන්. එතකොට ඒක ඔහු මෙතෙක් පවත්වාගෙන ආපු රංග පෞරුෂයට ලොකු හානියක්.එනිසා රවින්ද්‍ර රන්දෙණිය කියන මේ ප්‍රවීණ කලාකරුවාදා මෙදා තුර ඔහුගේ ශරීරය කෑම බීමෙන් පාලනය කරගත්තු විදිහ ගැන කිව්වේ මේ වගේ කතාවක්.


“ජීවිතය එදා මෙදා තුර කවදාවත් මගේ ජීවිතේ කෑම කියන දේ විශේෂ දෙයක් වුණේ නෑ පුංචි කාලෙ ඉඳලම මම පුරුදු වෙලා හිටියේ කෑම හරි අඩුවෙන් ගන්න.අදටත් බඩගින්න පොඩ්ඩක් තියෙද්දි කෑම කන එක නතර කිරීම පුරුද්දක්. ඒ හැරෙන්න ලොකුවට කෑම පාලනයක් නම් ඇත්තටම වෙන්නේ නෑ. දැන් ඉතින් වයස නිසා තෙල් සීනි පිටි වැනි ආහාර ගන්නේ හරිම අඩුවෙන්.”


ඉතින් ඔහු දැන් ගත කරන ජීවිතේ ගැන කියලා තිබ්බ ඒ වගේ කතාවක් ඉතින් තවත් බොහෝ කාලයක් සතුටින් ජීවත් වෙන්නට දීර්ඝායුෂ විඳින්නට ඔහුට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.