සමාජ මාධ්‍ය පුරාවට මේ දවස්වල පුංචියට බිස්නස් කරන්න පටන් අරන් ඉහළට ගියපු තරුණ තරුණියන් පිළිබඳව කතාබහ කරනවා.ඒ වගේම ඒ වගේ තරුණියන්ට අත හිත දීලා ඔවුන්ගේ ජීවිත නගා සිටවන්නත් ඇප කැපවෙන  ලොකු පිරිසක් ඉන්නවා.


ඒ වගේ ව්‍යවසායකත්වයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන බොහෝ දෙනෙක්ට රූපවාහිනිය තුළත් යම්කිසි ඉඩකඩක් වෙන්වෙලා.ඒ ආකාරයෙන් මයි කිචන් නැවතී තේමාව යටතේ රසට කෑම උයන තරුණියක් මේ දවස්වල සමාජය පුරාවට ප්‍රසිද්ධ වුණා.


හැබැයි ඇය කෑම උයන්න කලින් මොඩලින් ක්ෂේත්‍රය තමයි රැකියාව කළේ.හැබැයි අම්මත් අසනීප වුණාට පස්සේ ඇයටම තේරෙනවා ඊට වඩා දෙයක් කල යුතු රැකියාවක් කරන්න ඕනේ කියලා.ඒ නිසාම රසට උයන්න පුළුවන් හින්දා ඇය මේ දේ කරන්න පටන් ගත්තා.ඉතින් මේ තරුණිය නමින් ලැෂී හේවගේ. ලැෂීගේ මේ සියලුම දේවල් වලට අත හිත දෙන ආදරණීය පෙම්වතෙක් ඉන්නවා.හැබැයි මේ ආදර කතාව සාමාන්‍ය ආදර කතාවකට වඩා ටිකක් වෙනස්.ඇය ම තමන්ගේ පෙම්වතා ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මේ මගේ පළවෙනි බැඳීම නෙවෙයි හැබැයි මේ තමයි මම ආදරේ කරපු බැඳීම.මෙයා මට වඩා අවුරුදු හතරක් දාලයි. ඒක නිසා අපිට මේ සම්බන්ධය අවුරුද්දක් විතර හංගන්න වුණා.මොකද කට්ටිය එක එක ඒව හිතන නිසා මම මොඩ්ලින් කරේ අවුරුදු ගානක්.ඒකෙනුත් සල්ලි හම්බ කරා හැබැයි ඉතුරුවක් කරේ නැහැ. මට ජීවිතේ වගකීම් කියන එක දැනුනේ මෙයා හමුවුණාට පස්සේ.සමහරවිට මෙයා මට වඩා බාල නිසා වෙන්න ඇති මෙයාවත් බලාගෙන ගෙදර අයත් බලාගන්න ඕනි කියන හැඟීම මට ආවේ මෙයා හම්බුනාට පස්සේ’


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයට ලැබුණු එය ආදරය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.ඉතින් ඇගේ ව්‍යාපාරය දිනෙන් දෙනම දියුණු වේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු