දනු ඉන්නාසිතම්බි කියන්නේ සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රිය වෙච්චි නිවේදකයෙක්. ඔහු නිවේදකයෙක් විදිහට ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා හඳුනා ගනිද්දී මේ දවස්වල රංගන ශිල්පියෙක් විදිහටත් දනුවෝ අපිට හඳුනාගන්න අවස්ථාව තියෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නීටා ප්‍රනාන්දු මහත්මියගේ ආරාධනාවකට තමයි දනුට රඟපාන්න අවස්ථාව උදා වෙන්නේ. ඔහොම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ චරිතයට ඉතාමත් සාධාරණයක් ඉෂ්ට කරා කියලා ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂකයන් රැසක් සඳහන් කරනවා.

කොයි කවුරුත් දන්න විදියට දනූ කියන්නේ යාපනේ ඉඳන් කොළඹට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ අඩියෙන් අඩිය ඉදිරියට තිබ්බ චරිතයක්.ඉතින් ඔහු ගත කළ ඒ දුෂ්කර ජීවිතය පිළිබඳව එක්තරා අවස්ථාවක මතකය ආවර්ජනය කරලා තිබ්බේ මේ විදිහටයි.

“ඔව්. මේකේ තියෙන්නේ මගේ ජිවිතේ අත්දැකීම්. මම ජීවිතේ පළවෙනි වතාවට කොළඹට ඇවිත් කාපු කෑම වෙන්නේ සොසේජස්. එතකම් මම කාලා තිබ්බේ නැහැ. අපි පොඩි කාලේ පල්ලියට යනවා ඉස්කෝලේ යනවා ගෙදර එනවා. වැඩිම වුණොත් ආන්ටිගේ ගෙදරට ගිහින් එනවා. අපේ ගෙදර සල්ලි ගොඩක් තිබ්බේ නැහැ. ටීවී ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. පොඩි රේඩියෝ එකක් විතරයි තිබ්බේ. ඒ නිසා සමාජය එක්ක ගැටෙන්න විදිහක් තිබ්බේ නැහැ. මම ජිවත් වෙලා තිබුණු වටපිටාව සහ ඇත්ත ජීවිතේ බැලුවම අහසයි පොළවයි වගේ”

ඉතින් ඔහුගේ ඉදිරි ජීවන කටයුතු දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.