මහේෂි මධුසංඛා කියන්නේ කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට ආදරය දිනාගත්තු කලාකාරිනියක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සිනමාව කියන මේ අංශ දෙක තුළම කලා කටයුතුත් එක්ක නිරත වෙලා හිටියා. පසුගිය දවසක ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය හත්වෙනි වෙඩින් ඇන්වසරයක සඳහා සංවිධානය කරපු උත්සවය නිසා.

මහේශිගේ ආදරණීය සැමියා ගුවන් නියමුවෙක් විදිහට කටයුතු කරන පුද්ගලයෙක් ඔහු නමින් සම්පත්.ඉතින් මහේෂිට අවශ්‍ය වෙලා තිබුණා මහේශකය ආදරණීය සැමියාට ලැබුණු සුවිශේෂි තනතුරක් පිළිබඳව ඔහුගේ දෙමව්පියන් දැනුවත් කරන්න විශේෂ වූ පාටියක් සංවිධානය කරන්න.

ඒ අවස්ථාවේදී ඔවුන්ගේ විවාහ සංවත්සරයත් යෙදිලා තියෙන නිසා ඇය තීරණය කරනවා මේ දෙකම එකට සමරන්න.ඉතින් මේ දේවල් නොදත් බහුතරයක් දෙනා ඇයට විවිධ චෝදනා එල්ල කරලා තිබුණා.

“සමහර අය කියලා තියෙනවා අපි සල්ලි වියදම් කරනවා වැඩියි කියලා. ඔව් පාටියකට අපි වියදම් කළා නමුත් dress කරන එක ෆොටෝ ගන්න එක වගේ දේවල් මට ඔවුන් නොමිලේම කරලා දුන්නා”

ඉතින් ඒ උත්සවය ගැන ඒ විදිහට අදහස් දක්වපු ඇය තමන්ගේ ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමග විදෙස්ගත වෙන්න සූදානම්.ඇය විදෙස්ගත වුණත් සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා කියලා තමයි සඳහන් කරන්නේ.ඉතින් ඇයගේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපෙත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.