මාදවී ඇන්තනී කියන්නේ බොහෝ දෙනෙක් දන්න කලාකාරිනියක්.ඉතින් ඇය මේ වෙද්දි ඇයගේ ආදරණීය සහකරුවා විදියට තෝරාගෙන ඉන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන යෞවනයේ ජනප්‍රිය ගී පද රචකයෙක්

කවුරුත් දන්න විදිහට මාධවීගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනි මහත්මයා මීට ටික කාලෙකට කලින් ජීවතුන් අතරින් සදහටම සමු ගත්තා. ඊට පස්සේ පසුගිය දවසක අපිට මාධවීගෙ කැදැල්ලෙන් තවත් ශෝචනීය කතාවක් ඇහෙන්න පටන් ගත්තා.

ඒ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පියාගේ අභාවය සම්බන්ධයෙන්.ඇත්තටම මේක ශනිකව කවුරුත් හිතන්නැති මොහොතක සිද්ධ වෙච්චි මරණයක්.එනිසාම බොහෝ දෙනෙක්ට මේ අවස්ථාව දරාගන්න බැහැ. විශේෂයෙන් කසුන්ට.

ඒ සම්බන්ධයෙන් ඒ සෝචනීය අවස්ථාව පිළිබඳව සමාජ මාධ්‍ය ගිණුමට මාධවී හරිම සංවේදී සටහනක් එකතු කරලා තිබුණ.ඒ සටහන පහතින් දක්වා ඇත.

“කිසිදාක දුම්වැටියක් මදුවිතක් තොලගා නැති, අහිංසක අම්මාගේ ආදරේට හැමදාම අවංකව හිටපු, මෙච්චර දියුණු යැයි සම්මත ලෝකෙ මොබයිල් ෆෝන් එකක්වත් පාවිච්චි නොකරපු, බස් එකේ කෝච්චියෙ ගමන් ගිය, බැංකු ගිණුමක්වත් පාවිච්චි නොකරපු, හෝටල් වල නවතින්න ට්‍රිප් ගිහින් නැති, සරළ නිහතමානී හිනාවෙන්ම කල් ගෙවපු කෙනෙක් අපේ තාත්තා. ලෙඩ වෙලා ඉද්දිවත් අවසන් හුස්ම යනකන්ම ඉස්පිරිතාලෙ යන්න අකැමති වුනේ “මගේ නිවන මගේ පැල්පතයි” කියන උදාන වාක්‍යය සනාථ කරමින්. අපි කොච්චර උත්සාහ කළාද. එයා බය වුනා අන්තිම මොහොතකට අම්මා අක්කා කසුන් සහ නැන්දා ලඟ තියාගන්න බැරි වෙයි කියලා. ඒත් මෙහෙව් සුළු අසනීපයක් නිසා ඒ මොහොත මෙච්චර ඉක්මනින් එයි කියලා අපි හිතුවෙත් නෑ. 😞 එයා එකතු කරපු ධනය වුනේ කාමරයක් පිරෙන්න තිබ්බ එයාගෙ පත්තර ගොඩයි අම්මයි, නිදහස් අධ්‍යාපනයෙන් උගත් බුද්ධිමත් දරුවො දෙන්නයි විතරමයි. මානෙල්.. මානෙල්... කිය කියා අම්මට දවසට කී වතාවක් අඬගහනවා ඇත්ද. නැන්දා අවිවාහකව තාත්තා වෙනුවෙන්ම කැප වුනා. කොච්චර දුර ගමන් ගියත් අම්මගෙ කෑම එක කන්න තාත්තා ගෙදර එනවා කවදාවත් රැයක් නිවසින් පිට හිටියෙත් නෑ. තාත්තා ඒ තරමටම ආදරේ බලාපොරොත්තු වුනා. අක්කා අදටත් ගෙදරින් පිට එක රැයක් ගත කරලා නෑ. එහෙමින් එයාලා දරුවන්ව රැක්කා! තාත්තා පතන සැනසීමක් හිමි වේවා!!”

ඉතින් අපිත් මෙ ආදරණීය පියාණන්ට උතුම් නිවන් සැපතම ප්‍රාර්ථනා කරන්නෙමු.