Slider

මම මේ වෙද්දි පෙම්වතියක්.ඔහු විදෙස් ගතවෙලා ඉන්නේ.යෂ් අයියා සහ මං ගැන යන කතා බොරු



නර්තනයට රංගනයට උපන් හපන්කම් කියන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සචින්තනී කෞශල්‍යා කියන්නේ.ඇය අද වන විට උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරපු නීතිඥවරියක් විදිහට දිවුරුම් දීලා වැඩ කටයුතු කරන තරුණියක්. සචින්තනී කලාවට අවතීර්ණ වෙන්නේ රන්වල බලකාය හරහායි.

මේ දවස්වල විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයේ දිගැසි කියන චරිතය හරහා තමයි ඇය වැඩි වශයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ.ඒ ඇරෙන්න ඇය බාරගත්තු කලා කටයුතු වෙන මොකුත් නැහැ.සචින්තනිගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි ඇය තවටත් විවිධ ආකාරයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්නවා.


ඒ අතරතුර තමයි ඇය කලාව කරන්නේ. ඒ නිසා කලාවත් අත නොහැර සියලුම දේ ඇය ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.පසුගිය කාල සීමාවේදී කටකතාවක් ගියා ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පී  යෂ් සහ සචින්තනී අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන දේ.ඉතින් ප්‍රේමය ගැන ආපු අවස්ථාවකදී ඇය ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


මම මේ වෙනකොට පෙම්වතියක්.

ඔහු විදේශගතවෙලා ඉන්නේ. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.යශ් අයියා කියන්නෙ මගේ හොඳ යාළුවෙක්. හැබැයි පෙම්වතුන් නෙවෙයි. දිගැසිට වගේම අනර්ඝටත් පේ‍්‍රක්ෂකයෝ ගොඩක් ආදරේ කරනවා. ඒ නිසාම යශ්ට වගේම සචින්තනීටත් මිනිස්සු හරි ආදරෙයි. ඒ ආදරයට අපිත් ආදරෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ප‍්‍රමෝෂන්වලට තමයි අපි ෆෝටෝ ෂූට් කළේ. ඒක ටෙලි තිරයට සීමා වුණ ගොසිප් එකක්ම විතරයි.”


ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගෙන ජීවිතය ඉහළටම යන ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo