දනු ඉන්නාසිතම්බි කියන්නේ  සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රිය චරිතයක්.ඔහු නිවේදකයෙක් ලෙසත් රංගන ශිල්පියෙක් ලෙසත් රිදී තීරයෙන් පුංචි තිරයෙන් විවිධ චරිත හරහා අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.


රිදි තිරේ ඔහුගේ පළවෙනි සිනමා නිර්මාණයට බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර ලැබෙනවා.එනිසාම ඉදිරියේදී ඔහුට අළුත් වැඩකටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රේක්ෂකයන් හමුවට එන්න අවස්ථාව උදාවෙයි.


මේ දවස්වල විකාශය වන ජානු ටෙලි නාට්‍ය තුළත් දනු නිරූපණය කරන චරිතයක් තියෙනවා.ඒ චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දී ඇත්තටම දනු  ලාකරුවෙක් වුණත් ඔහුට නිර්මාණය වෙලා තියෙන්නේ සිංහල ජනතාවගේ ප්‍රේක්ෂාගාරයක්.ඉතින් ඒ දේ සම්බන්ධයෙන් හදවතින්ම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.


“ඒකට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම සිංහල නෙවෙයි. ඒත් මගේ වැඩසටහන් ආදරෙන් බලන එක ලොකු දෙයක්. මේකෙන් තේරෙන්නේ එකම එක දෙයයි. ලංකාවේ මිනිස්සු කවදාවත් ජාති ආගම් භේද බලන්නේ නැහැ. අනිත් අය කියන හින්දයි බලන්නේ.”


ඒකෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ තවත් ඉහළටම යන්න ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.