වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි ක්ෂේත්‍රය තුළ ලාංකීය සිනමාවේ සරාගේ ගිනි සිළුව ඇය කිව්වොත් ඇත්තටම හරියටම හරි.ඇයගේ රංගනය ඒවගේම ඇයගේ දක්ෂතාවය ඊටත් අමතර වගේ ආකර්ෂණීය බව නිසා බොහෝ දෙනෙක් ඇයට වශී වුණා.ඉතින් මේ සරාගී රුවැත්තිය වෙන කවුරුත් නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පිණි සුමනා ගෝමස් මහත්මියයි.

ඇය දැන් පදිංචි වෙලා ඉන්නෙ ඇමෙරිකාවේ ඇමෙරිකන් ජාතිකයෙකු හා විවාහ වුණු ඇය  ඔහු සහ ඔහුගේ දෙමව්පියන් එක්ක ඉතාමත් සතුටින් ලස්සන ජීවිතයක් ගත කරනවා.ඒවගේම තමයි ඇය විසින් රඟපා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නිසා බොහොමයක් අවස්ථාවන්වලදී සුමනාගෝමස් මහත්මිය ජීවිතයේ නොයෙකුත් සංවේදී සිදුවීම් වලට මුහුණ දෙනවා.

ඒකට හේතුව ඒ චිත්‍රපටිවල ඇය විසින් රඟ දක්වන වැඩිහිටියන්ට පමණයි දර්ශන උපුටාගෙන විවිධ වෙබ් සයිට් වල විවිධ පුද්ගලයන් විසින් පළ කිරීම ආරම්භ කරලා.ඇය මේ වෙනුවෙන් නීතිය නීතියේ සරණ පැතුව අත් තවමත් ඒ දේ දිගටම සිද්ධ වෙමින් යනවා.ඒ දේවල් ඒ විදිහට වුනත් ඇය තවමත් රංගනයට ආදරෙයි. ඒ නිසාම ඇය මෙන්න මේ වගේ කතාවක් කිව්වා.

“මම රඟපාන දන්නෙ නෑ. නිරුවත පෙන්නනවා විතරයි කියලා සමහරු දාලා තියෙනවා. හැබැයි මම වේදිකා නාට්‍ය සීයකට වඩා රඟපාලා තියෙනවා. එහෙම තිබෙද්දි මෙහෙම කියනකොට දුකක් ඇතිවෙන්න නැද්ද ඔවුන් ලොකු වැරැද්දක් කලේ.මගේ බලාපොරොත්තුව ආපහු රංගනයට එන්නයි.අවස්ථාවක් ලැබුණොත් රඟපානවා ඒ වගේම මම නිව්යෝක්වල අවුරුදු විසි දෙකක් හිටියා. දැන් එන්නේ ෆ්ලෝරීඩා වල මහත්තයාගේ අම්මයි තාත්තයි එක්ක”

ඉතින් ඔවුන් සමග සතුටින් ජීවත් වෙන්නට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා සහ නැවතත් ලංකාවේ කලා ක්‍ෂේත්‍රය තුළින් අලුත්ම වැඩකින් හමුවෙන්නට අවස්ථාව උදාවේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.