අෂාන්‍යා ප්‍රේමදාස කියන මේ නම මේ දවස්වල වැඩිපුර සමාජ මාධ්‍ය තුළින් ඇහෙනවා.ඇය දක්ෂ ගායිකාවක් ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ වොයිස්ටීන් වේදිකාව හරහා.මේ දිනවල ඇයගේ රෝස යාය කියන නවතම ගීත නිර්මාණය නිසා බොහෝ දෙනෙක් ඇයගේ කටහඬින් ගීත අහන්න ආස වෙලත් ඉන්නවා.

ඒ වගේම පසුගිය කාලයේදී නම් වැඩිපුර ප්‍රසංගත් එක්ක කාර්යබහුල වෙලා හිටපු ඇයට වැඩි වශයෙන්ම එළිමහන් ප්‍රසංග වලට තමයි ආරාධනා ලැබිලා තියෙන්නේ.ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුද්දක් පමණ කාලයක් තුළදී ඇය ලොකු ගමනක් ඇවිල්ලා ඒ වගේම බොහෝ දෙනෙක් දන්න කියන ගායිකාවක් වෙලා.

ඉතින් මේ ආ ගමන් මඟ ගැන මතක් කරද්දි ඇය හීනෙන්වත් හිතලා නෑ වොයිස් ටින් වැඩසටහනින් පස්සේ ඇයට මේ තරම් ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරයි කියලා. කෙසේ නමුත් මේ වගේ සාර්ථක ගමනක් එන්න ඇයට ගෙදර සියලුම දෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඒ සහයෝගයත් එක්ක අලුත්ම නිර්මාණයන් කිහිපයක් සමගින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්න අය ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.ඉතින් අද වන විට සමාජය තුළින් ඇයට ලැබෙන මේ ප්‍රතිචාර පිළිබඳව ඒවගේම රසිකයන් ඇය ගැන කියන දේවල් සම්බන්ධයෙන් ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

"මාව දැකල නැති බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ මම හරිම උස මහත කෙනෙක් කියල. ඉතිං දකින අය මුලින්ම කියන්නෙ අපි හිතුවෙ නැහැ ඔයා මේ තරම් පොඩියි කියල” කියලයි. ඊට අමතරව මගේ මියුසික් වලට කැමති කියල වගේම මග වෝකල් ටොන් එකට කැමතියි කියලත් ගොඩක් දෙනෙක් කියනවා

ඉතින් තවත් බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන අති දක්ෂ ගායිකාවක් විදිහට රසික ආදරේ දිනා ගෙන ඉහළටම යන්න අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.