විශ්ව කොඩිකාර කියන මේ ආකර්ෂණීය කලාකරුවා පුංචි තිරයේ එවගේම රිදී තිරයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා.එදා පබලු ටෙලි නිර්මාණයේ හසරැල් කියන චරිතය හරහා තමයි විශ්ව ගොඩක් දෙනෙක් දන්න කියන චරිතයක් බවට පත්වුණේ.

ඊට පස්සේ විවිධ ටෙලි නිර්මාණවල පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක ජනතා ආකර්ෂණය දිනාගත්තු ඔහු අද වෙද්දී ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඒ වගේම ඔහු විවාහ වුණේ එරන්දි නැමැති තරුණියක් සමඟයි.2011 වර්ෂයේදී ආදරණීය පෙම්වතුන් බවට පත්වන ඔවුන් ජීවිතයේ බොහෝ දේවල් තේරුම් අරගෙන ජීවත් වුණත් එක්තරා අවස්ථාවකදී විශ්ව මෙන්න මේ වගේ කතාවක් කියනවා.

“මැරි කරපු අලුත අපි දෙන්නට පොඩ්ඩක් පැහැදිලි වෙනවා අපි දෙන්නා ගේ අදහස් පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ කියලා.ඒක කවදාවත් හැදෙන්නෑ ඒක අදටත් එහෙම්මමයි.මගේ අදහසට එරන්දිවත් එරන්දිගේ අදහසට මමවත් ගැලපෙන්නැහැ.මම උත්සහ කරා එරන්දිව මට ඕනි විදිහට නෙවෙයි මම  එරන්දිට ඕනි විදිහට යම් යම් අවස්ථාවන්වලදී හැඩ ගැහෙන්න. රඟපානවාට මුලදී කැමති වුණාට මැරි කරාට පස්සේ ටිකක් එයා අකමැති වුනා.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔහු ඔහුගේ ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.