ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු දක්ෂ කලාකාරිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඇය ටෙලි නාට්‍ය  රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා  මුතු කිරිල්ලී ටෙලි නිර්මාණය හරහා .ඉතින් ඇය ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණාට පස්සේ ටිකක් විවේක ගන්න ඕන නිසා පසුකාලීනව විදෙස්ගත වෙලා කාලය ගත කළා.

කොහොම නමුත් දරුවන් දෙදෙනෙක් සිටින මවක් වන ඇය ආයෙමත් සැරයක් දරුවො දෙන්නත් එක්ක තනියම ඇමරිකාවට යනවා.ඒ ගමන කොයිතරම් දුෂ්කර උනත් ඇයගේ ආදරණීය දරුවන් දෙදෙන අඬන්නෙවත් නැතුව කරදර කරන්නේ නැතුව ඇයට මේ ගමන අවසන් වෙන තුරුම ශක්තියක් වෙලා ඉඳලා තියෙනවා.

ඉතින්  මේ ගමන සාර්ථකව නිමා කරන්නට හැකියාව ලැබීම නිසා නෙහාරා ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ට ස්තූතිවන්ත වෙලා තිබුණා.සඳහන් වන ආකාරයට මේනක ඔවුන් දෙදෙනාට කලින් ගිහින් තියෙනවා.

ඉතින් මේක තාවකාලික සමුගැනීමක්මද එහෙමත් නැත්නම් හැමදාටම මෙහෙම විදෙස්ගත වුනාද කියලා ඇය සදහන් කරලා තිබ්බේ නැහැ.   කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් නැවත මේ කලා පවුල මුණ ගැසේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.