වේදිකාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම සිනමාව කියන මේ අංශ තුනම නිරූපණය කරන ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක් තමයි  මිහිර සිරිතිලක කියන්නේ. මිහිර ගැන කතා කරද්දි ඇත්තටම ඔහු කලාව තුළ ඉන්න තවත් අති දක්ෂයෙක්.

හැබැයි තව කෙනෙක්ට ඉස්සරහෙන් කැපිලා පේන්න ඕනි කියන ආශාවක් ඔහු තුළ තිබ්බේ නැහැ.ඒ නිසාම බොහොම නිහඩව තමන්ගේ කාර්යභාරය කරන මිහිර මේ දවස්වල අලුත් වැඩකට අත ගහලා.ඒ තමයි ඔහු කලින් අපේ ක්ෂේත්‍රය තුළ සිටිය තුළ සිටිය දක්ෂ කලාකරුවෙක් වෙන විජය නන්දසිරි කලාකරුවාගේ චරිත රඟපාන පටන් ඇරන්.

විජයනන්ද සිරි කලාකරුවා ජීවතුන් අතර නැති නිසා ඔහුට ලැබිලා තියෙනවා ඔහුගේ ඒ චරිත අවස්ථාව නිරූපණය කරන්න.ඉතින් ඒ දේවල් කරන එක එතරම් ලේසි පහසු නෑ කියලත් මිහිර සඳහන් කරනවා.කෙසේ නමුත්  ප්‍රේක්ෂකයන්ගෙන් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් සඳහන් කළා.

මේ දවස්වල පුංචි තිරයෙන්ටත් වඩා ඔහු වේදිකා නාට්‍ය පැත්තට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසාම ආර්ථික තත්ත්වයත් එක්ක වේදිකාවෙන් ලාභ ලැබෙනවද කියලා අහපු අවස්ථාවකදී මිහිර කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ලාභ ලැබනවා නම් අපිට තව කරන්න ගොඩක් දේවල් තිබෙනවා. මේ ඔක්කොටම වඩා ටෙලිනාට්‍යයක් කරන එක ලාභයි. නමුත් ලාභයට වඩා මෙතැන තියෙන්නෙ ප්‍රේක්‍ෂකයා සමග බෙදාගන්නා සතුටයි. අනික අපි නැව් ගන්න කල්පනාව තිබෙන මිනිස්සු නෙමෙයිනේ. ජීවත්වෙන්න කල්පනාව තිබෙන මිනිස්සුනේ.”

ඉතින් වේදිකාවේ ඒවගේම පුංචි තිරය සහ රිද තිරේ ඔහුගේ සියලුම වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.