අකිල දනුද්ධර කියන්නේ කොයි කවුරුත් දන්න කියන ජැක්සන් ඇන්තනී කියන ප්‍රතිභා පූර්ණ කලා ශිල්පියාගේ ආදරණීය පුත්‍රයා. ඔහු කලාව සිනමාව කියලා මේ අංශ දෙක තුළම කැපී පෙනෙන දක්ෂයෙක් විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක්.

මේවෙද්දී විවාහ වෙලා ආදරණීය දියණියකගේ පියෙක් වන අකිල ආයෙමත් සැරයක් පිය පදවිය ලබන්න වාසනාව ලබලා.එතන ජීවිතේ ළඟදීම අලුත් පිටුවක් පෙරලන්න යන අකිල සහ එමි තවත් ආදරණීය කිරිසිනාවකින් ගෙදරම සරසන්න මග බලාගෙන ඉන්නවා.

ඉතින් මුළු ඇන්තනේ පවුලම ජැක්සන් ඇන්තනින් නැති දුකෙන් ගත කරපු ඒ කාල සීමාව මේ සිදුවීම නිසා ටිකක් හරි සමනය වෙයි කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ.ඉතින් මෙදා පාර මෙය ආදරණීය කැදැල්ලට එකතු වෙන්න ඉන්න දුවෙක්ද පුතෙක්ද කියලා තාමත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කියලා නැහැ.නමුත් අකිල සහ එමි ඒ වගේම ආදරණීය පුංචි දියණියත් එක්ක හරි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා.සිඟිත්තව මේ ලෝකෙට බිහිකරන්න කලින් ඔවුන් කරපු ඒ ලස්සන එකතුව පහතින් දක්වා ඇත.