මේ දවස්වල විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක් දන්න කියන ඇය නමින් කවිහාරි හපුතන්ත්‍රී.හැබැයි හැමෝම එයාට කතා කරන්නේ ජානු කියලා. ඒ නිසා ඇයත් කවිහාරිට වඩා ජානුට දැන් ආදරේ කරනවා.


ජානු ඉපදුනේ නුවර පදිංචි උනෙත් නුවර අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි එක්ක තමයි ජීවත් වුණේ.විෂය මාලාවට අමතරව ඇය බාහිර ක්‍රියාකාරකම් කරලා තියෙනවා නෙට්බෝල් නැටුම් වගේ දේවලුත් ඉගෙනගෙන තියෙනවා.ඒ දේවල් එක්ක මොන විදිහේ අරමුණක් ඇතුවද ඉගෙනීම් කටයුතු කළේ කියලා අහපු අවස්ථාවකදී ජානු කිව්වේ මේ වගේ කතාවක්.


“ලොකුම ආසාව උනේ ගුවන් සේවිකාවක් වෙන්න උසස් පෙළට ලිව්වෙ වාණිජ අංශයෙන්. ඉන්පස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළා. ඒ අතර අතර වාරයේදී තමයි fashion model කෙනෙක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තේ. ජානු නාට්‍ය රඟපෑමට ඇරයුම් ලැබුණා.ඒලෙවල් ඉවර උනාට පස්සේ වරාය රැකියාවට එක්වුණා. ඒ නිසා කොළඹ නතර වෙන්න සිදුවුණා. ඒ විදිහට මම කොළඹ තනියම ඉන්නවට තාත්තා අකමැති වුණා”


ඊට පස්සේ තමයි ඇය රැකියාවෙන් අයින් වෙලා කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් පළවෙනි නිර්මාණයෙන්ම ජනතාව අතරට යන්න ලැබුණ ලැබුණ එකම ඇය ලබපු ලොකු වාසනාවක් ඉතින් ඒ දේවල් එක්ක ඇයගේ ඉදිරි කලා ගමන තව තවත් සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.