Slider

ලංකාවේ කිසිම පිරිමි ළමයෙක් මගෙන් යාළුවෙන් අහන්නේ නෑ ඒක තමයි ඇත්ත- යුරේනි නොෂිකා

 


යුරේනි නොශිකා පිළිබඳව පසුගිය කාල සීමාවේදී වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇයට ඇමෙරිකානු රියලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙස එක්වීමට අවස්ථාව ලැබුණු නිසයි.මේ රියලිටි වැඩසටහන ලෝකයේ මිලියන හැටකට එහා ජනතාවක් නරඹන වැඩසටහනක්.

ඒ කාර්ය බහුලතාවයත් එක්ක හරිම සතුටින් ජීවිතය විඳින යුරේනේ ලංකාවේ කලා කටයුතුත් එක්කත් එකතු වෙලා වැඩ කටයුතු කරනවා. හැමදාමත් ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ කරපු අලුත්ම විලාසිතා එක්ක කරළියට ආපු ඇය තවමත් ගත කරන්නේ තනිකඩ ජීවිතයක්.

ඇය නොයෙකුත් විවාහ උත්සවවලට සහභාගී වෙනවා. ඒ සහභාගි වෙන අවස්ථාවකදී වත් විවාහ වෙන්න ඇයට අදහසක් තිබිලා නැද්ද? මෙන්න මේ ප්‍රශ්න හැමෝගෙම හිතේ තියෙනවා. ඉතිං ඒ විදිහට ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දීලා තිබ්බේ මේ ආකාරයෙන්.

“මම කළ යුතු වැඩ කොටසක් තියෙනවා කෙනෙක් හමුවුනොත් අනිවාර්යෙන් විවාහය ගැන හිතාවි. එහෙම නැතුව ඒ ගැන ලතැවී ලතවී ඉන්න කෙනෙක් නෙවෙයි මම.ලංකාවේ කිසිම පිරිමි ළමයෙක් මගෙන් යාළුවෙන් අහන්නේ නෑ. ඒක තමයි ඇත්ත ඒ ගැන මගේ යාලුවන්ට කිව්වහම යාලුවොත් පුදුම වෙනවා.එහෙම ඇහුවොත් කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් ලේසියෙන් කැමති වෙන කෙනෙකුත් නෙවෙයි මම හරිම කෙනා ලැබුණු දවසට හොඳයි කියලා හිතුනොත් දෙදෙනාට දෙදෙනාගේ ආත්මය දැනුනොත් හිත යාවි”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුයෙ. ඉතින් ඇයගේ හිත ගත්තු ආදරණීය චරිතයක් ඉක්මනින්ම මුණගැසේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo