ටෙලි නාට්‍ය කලාව තුළ අමුතුම චරිත රැසක් නිරූපණය කරපු මේ දක්ෂ රංගන ශිල්පියා ත්‍රිකුණාමලයේ ඉඳන් කොළඹට එනවා, නළුවෙක් වෙන්න ඕනි කියන ආශාව නිසාම.ඔහු නමින් ආලෝක සම්පත්.මේ දවස්වල විකාශය වන සර්කස්කාරයෝ ,මුරුගසන්  කියන ටෙලි නිර්මාණවල මාලි සහ අමර පාර කිව්වහම ඔහුගේ චරිත ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රියයි.






x

සම්පත් හැමදාමත් තෝරගත්තෙ වෙනසක් කරන්න පුළුවන් කලාත්මක නිර්මාණ.එනිසාම ප්‍රධාන චරිත රඟපෑවේ නැති වුණත් ඔහුට සෙසු චරිත වලටත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ විශාල ප්‍රතිචාර.

ඉතින් සම්පත් කියන්නේ අපි මුලින් කිව්වා වගේම බොහොම අමාරුවෙන් කලාවට ඇවිල්ල තමන්ගේ තත්ත්වය හදාගත්තු කෙනෙක්. ඉතින් අදටත් ඔහු ගත කරන්නේ හරිම සරල ජීවිතයක්.ඉතින් මේ අව්‍යාජ කලාකරුවා ඔහුගේ  ජනප්‍රියතාවය පිළිබඳව අහපුහාම කිව්වේ මේ වගේ කතාවක්.


“මට අදටත් වාහනයක් නැහැ. ගමන් බිමන් යන්නෙ බස් එකේ. නැත්නම් කෝච්චියේ. එතනදි මට මිනිස්සුන්ගෙ ප්‍රතිචාර සජීවීව විඳගන්න පුළුවන්. බොහෝ දෙනෙක් අහන්නෙ ඇයි බස් එකේ යන්නෙ” වාහනේ ගරාජ් එකේද කියල. ඒ නළුවන් ගැන එයාලගෙ තියෙන ප්‍රතිරූපයත් එක්ක අහන දේවල්. සමහර වෙලාවට අතින් අල්ලගෙන තේ බොන්න යන්න කතා කරනව. ඒ ප්‍රතිචාරත් එක්ක ඇත්තටම මිනිස්සුන්ගෙන් මේ තරම් ආදරයක් ලබන්න වාසනාවන්ත වෙලා කියල ලොකු සතුටක් දැනෙනවා.”


ඉතින් තවත් බොහෝ කාලයක් ප්‍රේක්ෂක ආදරය සමඟ ඉදිරියටම යන්න ඔහුට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරන්නේමු.