පුංචි තිරයේ රිදී තිරයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය සනෝජා බිබිලේ රංගන ශිල්පිණියයි.සිංහල සිනමාවේ සෝණමේ යුගයේ සිට මේ දක්වා ඇය කළ සේවය ගැන ඇත්තටම කතා කළ යුතුමයි.මේ දවස්වල නම් වැඩි වශයෙන් අය නිර්මාණත් එක්ක එකතු වෙලා නැතත් ඇය අතීතයේ රඟපෑ සිනමා යක් බොහෝ දෙනාගේ මතකයේ තියෙන නිර්මාණ බවට පත්වුණා.

ඉතින් පසුගිය දවසක ඇය කියලා තිබ්බා ඇය තාමත් ජීවත් වෙන්න තනිකඩව කියලා ඇය විවාහ වෙලා නැහැ. ඒ තරම් සුන්දර ආකර්ෂණීය පෙනුමකටයි උරුමකම් කිව්වත් තාමත් ඇයගේ අත ගන්න ඇයගේ හිත ගත්තු කෙනෙක් නැහැ.

පසුගිය දවසක ඇය කියලා තිබුණා හොඳ කෙනෙක් හම්බුනොත් ඇය විවාහය ගැන හිතලා බලලා තීරණයක් ගන්නවා කියලා.ඇය විවාහ වුණේ නැතොත් හැමදාම තනිකඩව ඉන්නේ කොහොමද එහෙම ජීවත් වෙන්න සල්ලි තියෙනවද කියලා අහපු අවස්ථාවකදී සනෝජා කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“මම මහවැලි අදිකාරියේ රැකියාවක් කරනවා. මම චිත්‍රපට නිලියක්. මට තව ගෙවල් දෙකක් කුලියට දීලා තියෙනවා. වත්තල ගෙදර මම ජිවත් වෙනවා මහේ සහෝදරියන් සමඟ.මගේ අම්මා අප්පච්චි හොඳට සල්ලි හම්බකරලා තියෙන්නේ. අනික මම කසාද බැදලා නැහැ. මට දරුවෝ නැහැ. මට සල්ලි එකතු කරන්න අවශ්‍ය නැහැ. මගේ පඩියෙන් මම කාලා, ඇඳලා ජිවත් වෙනවා. මාලිගාවල් හදන්න පොදි ගහන්න අවශ්‍ය නැහැ.”

ඉතින් තවත් බොහෝ කාලයක් ඇය මේ ජීවත් වන විදිහට සතුටින් නිදුක් නිරෝගීව ජීවත්වීමට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.