tiktok සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනෙක් දන්න කියන තරුවක් බවට පත්වෙච්චි ආදරණීය කලාකාරිනියක් තමයි ලෝචනා ජයකොඩි කියන්නේ.ලෝචනා කියනවට වඩා ටික් ටොක් ලෝචි කිව්වහම තමයි හැමෝම ඇයව දන්නේ.ඉතින් ඇයගේ මේ අපූරු නර්තන හැකියාව සහ රංගන හැකියාව නිසාම පසුකාලීනව පුංචි තිරයේ ටෙලි නිර්මාණත් එක්ක සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා.

ලෝචනා කියන්නේ අම්මා නැති උන දවසේ පටන් ආදරණීය නංගිලාවත් අම්මෙක් වගේ හදා වඩාගෙන ජීවිතයේ අභියෝග වලට තනියම මුහුණ දීපු කාන්තාවක්.එනිසාම ඇයට ඉතාමත් අඩු වයසෙදි ආදරය ජීවිතය කියන මේ බොහෝ කාරණා පිළිබඳව ලොකු ලොකු අත්දැකීම් තියෙනවා.

ඇය සදහන් කරලා තිබුණු ආකාරයට ඇය කලින් කසාද බැඳපු තරුණියක්.නමුත් යම් යම් හේතූන් මත ඇය මේ විවාහයෙන් වෙන් වුණා.අද වන විට ඉතාමත් සාර්ථකව ජීවිතය ඉහළටම යන ලෝචනා මේ වෙද්දි ආදරණීය පෙම්වතියක්. ඒවගේම තමයි ඇය නිතර ඩුබායි රාජ්‍යයට ඒ දේවල් සම්බන්ධයෙනුත් මෙතෙක් බොහෝ දෙනෙක් නොදත් කරුණු කීපයක් ලෝචනා කිව්වෙ මේ විදිහටයි.

“මගේ බෝයිෆෙන් ඉන්නේ ඩුබායි වල එයා එහේ ඉගෙන ගන්නවා.ඒ නිසා ඩුබායි ගියහම එයාවත් බලලා මගේ බිස්නස් වැඩත් කරගෙනමයි මම එන්නේ. මම ඩුබායි වල social media influencer කෙනෙක් විදිහට වැඩ කරනවා.මගේ කම්පැනි එකක් එහෙ තියෙනවා. ඒකෙන් ඩිජිටර් මාකටින් ෂෝචල් මීඩියා මීඩියා මැනේජ්මන්ට් වැඩ කරගෙන යනවා.කීප වතාවක්ම මම එහෙ ගියපු වෙලාවේ ලංකාවේ බ්‍රෑන්ඩ් එක්ක තමයි වැඩ කළේ. හැබැයි මේ පාර ඩුබායි බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරන්න අවස්ථාව හම්බුනා.ඩුබායි ගත්තහම හැම පැත්තකින්ම ඉදිරියෙන් ඉන්න රටක් ඒ පැත්තෙන් ගත්තහම ඩුබායි වල වැඩ කරන්න ලැබීම වාසනාවක්”

ඔන්න ඔය විදිහට තමයි ලෝචනා ඇයගේ ආදරය සහ ජීවිතය ඉදිරි වැඩ කටයුතු පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.