උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පබා ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක් දැනගත්තු අතිශය දක්ෂ රංගන ශිල්පිනියක්.කලකට කලින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සිහින කුමරිය වුණෙත් ඇයයි.ඒ තරම්ම ඇය ආකර්ෂණීය රංගන ශිල්පිනියක්.

උපේක්ෂා ගැන කතා කරද්දි ඇයගේ රංගනයෙන් හැඩ වැඩ වෙන ටෙලි නිර්මාණ රැසක් මේ වෙද්දී විකාශය  වෙනවා.ඒ ටෙලි නිර්මාණවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිවෙනවා.ඒ විදිහට කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න උපේක්ෂා තමන්ගේ ආදරණීය දියණියත් සමඟ තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.

ඇය විවාහ ජීවිතෙන් වෙන්වෙලා තනිකඩ ජීවිතයක් ගත කරත් දියණියගේ සියලු වැඩ කටයුතු සාර්ථකව කරන්නට අමතක කරන්නේ නැහැ.ඒ සම්බන්ධයෙන් ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම පොඩි කාලේ ඉඳන්ම අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ජීවිතේ වෙන කිසිම දෙයක් පිළිබඳව මට සිහින හෝ අරමුණු තිබිලා නෑ. නමුත් මවු පදවිය කියන දේ ගැන අසාමාන්‍ය හැඟීමක් තිබුණා. දුව ලැබුණට පසුව ඒක සම්පූර්ණ වෙනවා. දෙවන දරුවෙක් ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. මගේ දුව මගේ මුළු ලෝකෙම. එයාගේ තාත්තගෙන් මම අයින් වෙලා ඉන්නේ. ඇගේ වගකීම් සියයට අනූවක්ම දරන්නේ මම. එයාව බලාගන්නේ මම. එයා ජීවත් වෙන්නේ මා සමඟ. මම එයා එයාගේ තාත්තා ගාවට යවන එකම හේතුව ඇය ඇගේ තාත්තාව අ¾දුරාගන්න අවශ්‍ය නිසා. දුව මගේ ජීවිතය පිළිවෙළක් කළා. මාව සම්පූර්ණ මනුෂ්‍යයෙක් කළා.”

ඉතින් ඇයට තවත් බොහෝ කාලයක් දියණියත් සමඟ සතුටින් ජීවත් වෙන්නට අවස්ථාව උදාවේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.