Slider

මම විදෙස්ගත වෙන්න අදහස් කරමින් ඉන්න වෙලාවක තමයි ප්‍රවෘත්ති කියන්න ආරාධනා ලැබුණේ



 මෙතෙක් කාලයක් රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරමින් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු ඇය අද වෙද්දී දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට එනවා.ඇත්තටම මහේශී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ආවට පස්සේ බොහෝ දෙනෙක්ට ඇයව ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන අංශයට අළුත් කෙනෙක් උනා.

හැබැයි නොසිතූ විරූ අවස්ථාවක ලැබුණු මේ අවස්ථාව නිසා ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් රංගනයට හා සමානවම ඉහළ ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන්.මේ කාර්යය ඉතාමත් සාර්ථක කරගෙන යාම සඳහා මහේෂිට ඒ අවට සිටපු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා උදව් වෙලා තියෙනවා.


මහේශී රංගනයත් මදකට නවත්තලා රටෙන් යන්න බලාගෙන ඉන්න අවස්ථාවක තමයි ඇයට මේ ආරාධනාව ලැබුණේ.ඉතින් ඒ අවස්ථාව පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ස්වර්ණවාහිනියෙන් ආරාධනාවක් ලැබුණා ප්‍රවෘත්ති කියන්න එන්න කියලා.

ස්වර්ණවාහිනියෙන් අලුත් වෙනසක් කරනවා ඒ වෙනසට මමත් නිව්ස් රීඩර් කෙනෙක් විදිහට දායක වුණා. මට ආරාධනා කළේ එහි සාමාන්‍යාධිකාරි දම්මික තෙන්නකෝන් මහතා. මම ලංකාවෙන් යන්න හිටියේ, විදෙස්ගත වෙන්න අදහස් කරමින් ඉන්න වෙලාවක තමයි කතා කළේ මගේ හස්බන්ඩ් සම්පත් කිවුවා ඒක වටිනා අවස්ථාවක්. ඒ නිසා සම්බන්ධ වෙන්න මඟ හරින්න එපා කියලා. මම හරිම ආසාවෙන් ඒ ආරාධනාව භාර ගත්තා.ලොකු වගකීමක්. ලෙහෙසි දෙයක් නෙමෙයි. මට ආරාධනා කළාම මම ටිකක් ගැස්සුනේ ඒකයි. ඒත් විශ්වාසයක් තිබ්බා මට කරන්න පුළුවන් කියල. මොකද මම ඒ විෂයට ආස නිසා. මට ඇහුණා කෙනෙක් කියනවා ලස්සනට ඇඳලා ඒසී රූම් එකේ කැරකෙන පුටුවේ ටිකක් එහාට මෙහාට වෙන්න විතරයි තියෙන්නේ නිව්ස් කියද්දි කියලා. පිටින් පෙනෙන කෙනෙකුට එහෙම හිතෙන්නේ ඇයි කියන්න දන්නෙ නැහැ. නමුත් මාධ්‍ය ආයතනයක නිව්ස් රූම් එකක් කියන්නේ පහසුවෙන් කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ වගේම නිව්ස් ටික විකාශය වෙනකල් කරන කැපකිරීම් පෙනෙන්නෙ නැහැ. ඒක ලොකු වගකීමක්. ලෙහෙසි නැහැ”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය තමන් ලබපු ඒ අලුත්ම අත්දැකීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo