වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරය තුල ඒවගේම රිදී තීරය තුළත්. කැපී පෙනෙන රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ආදරේ දිනා ගත්තු කලාකාරිනියක්.ඇය තවමත් සම්මාන වලට හිමිකම් කියන ඒවගේම සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක් කියන දේත් මතක් කළ යුතුමයි.

ඇයගේ පෞද්ගලික ජීවිතේ යම් යම් හැල හැප්පීම් නිසා ආදරය කියන තැන දී ඇයට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.කොහොම නමුත් මේ වෙදිය සියලු අභියෝග ජයගෙන ජීවිතය ඉතාම සතුටින් නිදහසේ සැහැල්ලුවෙන් ගත කරන ඇය දැන් පෙම්වතියක් වෙලා කියලා ආරංචි.

කලාව තුළම නිරත වෙලා ඉන්න පුද්ගලයෙක් එක්ක තමයි ඇය මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා විවිධ ආරංචි මාර්ග සඳහන් කරනවා.ඉතින් ඒ දේවල් කොහොම වුණත් ඇය ආදරේ ගැන ඒ වගේම ඇයගේ ආදරණීය පෙම්වතා ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මම මගේ පෙම්වතා එක්ක එක ගෙදර ජීවත් වෙන්නේ. ලිවින්ටු ගෙදර්. ඒක ඇත්ත, ඒක මම හංගලත් නැහැ. ඒ ක්‍රමය ලංකාවට පටහැණියි. ලිවින්ටු ගෙදර් ජීවිතේ හොඳයි කැමති කෙනෙකුට එහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මම පුද්ගලික ව කැමතියි. ඒකට මම විරුද්ධ නැහැ, තව කෙනෙක් ගැන මට කියන්න බැහැ. ඒ වගේම කියන්න ඕන ලිවින්ටු ගෙදර් ජීවීතේ වගකිම් රහිතයි. ඒක මාර ජීවිතයක් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක මාර නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක බොරුවක්. විවාහ ජීවිතේ වගේම වගකීම් ගොඩක් එක්ක තව කෙනෙක් සමඟ ජීවිතේ බෙදා ගැනීමක් කරන්නේ. බිරිඳගේ වගකීම් සියල්ල ඉටු කරන්න ඕන. මමත් ඒ වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙනවා.


මට ආර්ථික ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මම මහා සල්ලිකාරියක් නෙමෙයි. මට වඩා මගේ පෙම්වතාට හොඳට සල්ලි තියෙනවා. මට වඩා හම්බ කරන්නේ එයා කිවුවොත් හරි”

ඉතින් ඇය ආදරේ කරන ඒ ආදරණීය පෙම්වතා සමග ඉතාමත් සතුටින් ජීවත් වෙන්නට වරම් ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.