Slider

අපි දෙන්නා හදහන් විශ්වාස කරන්නෑ මාස පහෙන් තීරණය කළා කසාද බඳින්න

 


අකිල විමංග සර් කිව්වහම කොයි කවුරුත් ඔහුව අඳුරනවා.ඔහු සිංහල විෂය පමණක් උගන්නපු ගුරුවරයෙක් නෙවෙයි. ඔහු මුළු ජීවිතයම උගන්වපු ගුරුවරයෙක්.ආදරය ගැන ජීවිතේ ගැන ඔහුට තිබුණු ඒ අපූරු දෘෂ්ටිකෝණය නිසා බොහොමයක් තරුණ තරුණයන් අකිල සර්ගේ කතා අහන්න හරිම ආසයි.

ඔන්න ඔය විදියට තමයි අකිලස තවත් හුදෙක් ටියුෂන් ගුරුවරයෙක් නොවී බොහෝ දෙනෙක් ආකර්ෂණය කරගත්තු පුද්ගලයෙක් බවට පත්වුණේ.කාලයක් ඔහු කසාද බඳින්නේ නෑ. තනිකඩව ඉන්නවා කියලා තීරණය කරනවා.ඊට පස්සේ මීටර් මාස කීපයකට කලින් ඔහුගේ ජීවිතය වෙනස් කරපු ආදරණීය හමුවීමක් අකිල සර්ට මුණගැහෙනවා.

ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්.විවාහ වෙන්නෑ කියලා තීරණය කරලා හිටපු අකිල සර්ව වෙනස් කරපු ඇය ඇත්තටම අකිල සර්ව තේරුම් ගත්තු ආදරණීය හදවතක් කියන දේ ඔහුත් නිතරම සඳහන් කරනවා.ඉතාමත් කෙටි කාලයකින් දැන හඳුනගෙන හඳහන් කුල මල විශ්වාස නොකර දෙන්නට දෙන්නගේ විශ්වාසය සහ දෙමව්පියෝ ආශිර්වාදය ඇතුව තමයි මේ විවාහය සිද්ධ වුණේ.ඒ දේවල් සිද්ධ වෙච්ච විදිහ පිළිබඳව අකිල සර් කිව්වේ මේ වගේ කතාවක්.


“අපි දෙන්නම හඳහන් විශ්වාස කරන්නේ නෑ මම දන්නෑ ඒ වගේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.කොහොමත් දෙන්නෙක් එකට ජීවත් වෙද්දි ප්‍රශ්න එනවා.එහෙම නැත්නම් රොබෝලා වෙන්න ඕනි.මාස පහ හයක් අපි කතා කතා කළා.ඉතින් මට හිතුන විවාහයකට යන්න ඕනෑ කියලා.මම දැඩිව විශ්වාස කරනවා අපි බඳින වයසෙනම් ඉන්නේ ඒ ප්‍රේම සම්බන්ධ කල් යවන්න හොඳ නෑ කියලා.ඒ නිසා අපි දෙන තීරණය කරා විවාහයට දින නියම කරගන්න.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි අකිල සර්ගේ විවාහය ප්ලෑන් වෙලා තියෙන්නේ. ඉතින් අලුත බැඳපු මේ ජෝඩුවට  සතුටින්ම ජීවත් වන්නට හැකියාව ලැබේවා කියාපිත එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo