කලා ලෝකය තුළ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය දිනාගෙන ඉන්න මේ සුවිශේෂී චරිතය ගිරිරාජ් කෞශල්‍යය.පසුගිය කාල සීමාවේදී නම් පෙළකා රෝගයට ගොදුරු වෙලා ඔහු ටිකක් අසාද තත්ත්වයෙන් තමයි ප්‍රතිකාර ලබමින් සිටියේ.

මේ වෙද්දි නම් ඔහුට යම්තාක් දුරක සුවයක් තියෙනවා.ඒ නිසා මොහුගේ අසනීප තත්වය නොතක කලාකෙත පෝෂණය කරන්නට ඔහු වෙහෙස වෙර වීරිය දරනවා.ඒ වගේම තමයි ගිරිරාජ් කෞශල්‍යගේ ආදරණීය දියණිය අමන්දා විසින් ගායනා කරන රැජිනට ඇන්දා කියන ගීතයත් මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධයි.

දියණියත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩකටයුතු කරද්දී. මේ වෙද්දි අසනීප තත්ත්වයෙන් පසු වුණත් ගිරිරාජ් තවමත් ඔවුන් වෙනුවෙන් කැපවෙලා වැඩ කටයුතු කරනවා. ඒ වගේම ඔහුට දිරියක් වෙලා එදා ඉඳන් අද දක්වාම ඔහුගේ ජීවිත කතාව ලියන්නට උදව් වුණේ ඔහුගේ ආදරණීය බිරිඳ.ඉතින් මේ බිරිඳ පිළිබඳවත් ඔහු කියලා තිබුණේ මේ වගේ කතාවක්.

“ඒ අතීතය හරි සුන්දරයි. එයා තමයි මංගලිකා ප්‍රනාන්දු . මම කොළොන්නවේ. එයා බොරැලැස්ගමුවේ. දෙන්නම කොළඹ වුණාට අපි දෙන්නා මුණගැහෙන්නේ ගිරාඳුරුකෝට්ටේදි. අපි දෙන්නම වැඩ කළේ මහවැලි සී කලාපයේ. නිතරම මුණගැහුනා. කතාබහ කළා. රාජකාරියේදි හිතවත් වෙලා පස්සේ තමයි ආදරේ කරන්න ගත්තේ. මම කෙළින්ම විවාහ යෝජනාව කළා එයා කැමති වුණා. ඒ කාලේ කලබලයක් නැහැ නිදහසේ ජීවත් වුණා . ඊට පස්සේ දෙපාර්ශ්වයේ දෙමාපියන් එක්ක කතා කරලා ඔවුන්ගේ ආශිර්වාද මැද විවාහ වුණා. ආදරේ කියලා අවුරුදු 38ක්. විවාහ වෙලා අවුරුදු 36ක්. මේ කාලය පුරාවට දුක සැප සතුට කඳුළු හැම දෙයක් එක්කම ඈ මාත් එක්ක ඉන්නවා.”

ඉතින් මේ ආදරයත් රැකගෙන තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්නට ඔහුට වරම් ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.