වේදිකාවෙන් රංගනයට පිවිසෙන බොහෝ දෙනෙක්ගෙන් මේ වෙද්දීත් ආකර්ෂණය ආදරය දිනාගත්ත ආදරණීය කලාකරුවෙක් තමයි දමිත් ග්‍රේෂන් කියන්නේ.  ඔහු දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් ඒවගේම ටෙලි නාට්‍ය ශිල්පියෙක්. ඊටත් අමතරව අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්.

බොහෝ දෙනෙක් මේ චරිතය හඳුනා ගන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වන ජානූ ටෙලි නිර්මාණය හරහා..මේ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කරන්නේ නාරද නැති චරිතයක්.ඉතින් සුපුරුදු පරිදි ඔහු ජානු ටෙලි නාට්‍යයේ ෂූටින්  වැඩ කටයුතුත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ.

වේදිකාවට පමණක් සීමා වෙලා හිටපු  ඔහු අද වෙද්දි පුංචි තිරය අතිශයින් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන්න මූලිකත්වය ගත්තේ මේ ජානු ටෙලි නිර්මාණය.දමිත් ගමේ ඉඳලා කොළඹ එන්න වේදිකා නාට්‍ය හදාරන්න.ඒ විදිහට ආරම්භ කරපු මේ රංගන ජීවිතයට නාරද කියන මේ චරිතය නිසා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්

“ඇත්තටම නාරද කියන චරිතය ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම සමීප වුණා.  නාරද කියන චරිතයට ඒ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීම ගැන මටත් හරිම පුදුමයි. ටෙලි නාට්‍යයකදී මට ලැබෙන පළමුවැනිම චරිතය තමයි නාරද කියන්නේ. ඒ පිළිබඳව නිහතමානී සතුටක් තිබෙනවා. නාරද කියන චරිතය සාර්ථක වන්නේම මගේ කැපවීම සහ අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මත. මේ චරිතය මටත් බොහොම සමීපයි. මමත් ගමෙන් කොළඹට ආපු කොල්ලෙක්. පිටපත අතට ගනිද්දීම මට ඒ චරිතයේ සමීප බව දැනුණා. චරිතය සාර්ථක වෙන්න එයත් එක් හේතුවක් වුණා.  ඒ නිසාම වෙන්නැති ප්‍රේක්ෂකයන් නාරද කියන චරිතයට මේ තරම් ආදරය කරන්නේ.”


ඉතින්  ඔහුගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කරගෙන කලාව තුළ අලුත් දෙයක් කරන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.