ආචාර්‍ය සෝමරත්න දිසානායක කියන්නේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්.ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ වුණු සිනමා නිර්මාණ රැසක් ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය සතුයි.රංගනය පිළිබඳව හසල දැනුමක් තියෙන සෝමරත්න දිසානායක මෑත කාලයේදී තිරගත වූ ආසු චිත්‍රපටයේ වෛද්‍යවරයකුගේ චරිතයක් හරහා නැවත රංගන ශිල්පියෙක් විදිහට කරළියට ආවා.

ආචාර්‍ය සෝමරත්න දිසානායකයන් පාසල් යන කාලේ ඉඳන්ම  නළුවෙක් වෙන්න ඕනෙ කියන උණ එක්ක ජීවත් වෙච්ච කෙනෙක්.ඒ දේවල් එක්ක ඔහුට පාසලේ පොඩි පොඩි චරිත රඟපාන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.ටිකෙන් ටික චරිත ලැබෙමින් කලා කටයුතුත් එක්ක නිරත වෙච්චි ඔහු එකපාරටම කලාවෙන් ටිකක් ඈත් වෙන්න තීරණය කරනවා කරනවා.ඒ අතීතය ගැන එතුමා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ආර්ථික අපහසුතා එක්ක මම විදෙස්ගත වුණා. මම ගියේ ඕස්ට්‍රේලියාවට එහිදීත් නළුකම ගැන තිබුණ උනන්දුව එක්ක විවිධ දේවල් කළා.එහිදී උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය ලැබුවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ.ඊට අමතරව වෛද්‍ය අංශයට කොහෙත්ම අදාල නැති අංශයක් වූ සිනමාකරණය ගැන පශ්චාත් උපාධියක් හැදෑරුවේ සිනමාව හා රංගනය ගැන තිබූ උනන්දුව නිසාමයි.සිනමාව ගැන නියම රහ වැටෙන්න පටන් ගත්තේ උපාධිය කළ කාලයේදී ඒ නිසා මගේ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය රචනා නතර කළේ නෑ දිගටම කරගෙන ගියා’

ඒ විදිහට විදෙස්ගත වෙලත් කලාව ගැන ඉගෙන ගත්තු නිසා වෛද්‍ය වෘත්තිය තෝරගන්නෙ නැතුව ඔහු දිගටම සිනමා අධ්‍යක්ෂකවරයෙක් දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට ලංකාවේ සිනමා කර්මාන්තයට අති විශාල සේවාවක් ඉෂ්ට කරා.ඉතින් තවත් බොහෝ කාලයක් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය අස්වද්දන්නට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.