Slider

මට අම්මා තාත්තා එපා වුණා අවුරුදු දෙකහමාරක් මම කාත් එක්කවත් කතා නොකර තනියම හිටියා

 


නිරූපිකාවක් නිවේදිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ වර්තමානය වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙච්චි චරිතයක් තමයි චතු රාජපක්ෂ කියන්නේ.චතු ගැන කතා කරද්දි ඇය විවිධ ටෙලි නිර්මාණවල කතාබහට ලක්වෙච්ච චරිත නිරූපණය කළා.

මෑත කාලයේදී තමයි වැඩි වශයෙන් ඇයව ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ.ඒවගේම විනෝදාත්මක වැඩසටහන්වලට සම්බන්ධ වෙලා ඇයගේ ජීවිතයේ බොහෝ දෙනෙක් නොදන්නා කතාවන් ඇය සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගත්තා.මේ වෙද්දී විවාහ වෙලා ඉතාමත් සාර්ථක ජීවිතයක් ගතකරන චතු ඉතින් ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව එක්තරා අවස්ථාවකදී හරිම සංවේදී හෙළිදරව්වක් කරලා තිබුණා.

“මම හතර වසරට එන්නත් කලින්ද කොහේ අම්මා රට ගියා මට ඒක එච්චර මතක නැහැ.මුලින්ම රට යනවා කිව්වහම අපි ඒ කාලේ එච්චර ලොකු දෙයක් දන්නේ නැහැ.පළවෙනි පාර ගියාට පස්සේ ඒක තදින්ම දැනුනා.ඊට පස්සේ දෙවැනි පාරත් ගියා.තුන්වෙනි පාරේ යනවාට මම ඊට පස්සේ කොහොමත්ම කැමති වුණේ නැහැ.මොකද එතකොටත් අපි ගොඩක් ප්‍රශ්ණ වලට මුහුණ දීලා තිබුණා.එතකොට අක්කී මමයි මල්ලි විතරයි හිටියේ.එතකොට අපි ආච්චි අම්මලා දිහා පුංචි අම්මලා දිහා තමයි හැදුනේ.ඊට පස්සේ ආයෙ ආවහම මම දිගින් දිගටම කිව්වා අම්මේ රට යන්න එපා රට යන්න එපා කියලා.නමුත් ආර්ථික ප්‍රශ්නත් එක්ක අම්ම රට ගියා.


ඊට පස්සේ මගේ ජීවිතේ හැමදේම එපා වෙන්න පටන් ගත්තු පළවෙනි තැන තමයි ඒක.දෙමව්පිය එපා වුනු තැන් තිබ්බා අම්ම තාත්තා කෙනෙක් ඉඳලා මොකටද කියලා හිතුනු තැන් තිබ්බා.ඒවත් එක්ක මම කවුරුත් නැතුව ජීවත් වෙන්න පුරුදු වුනා.මම අවුරුදු දෙකහමාරක් කාටවත් කතා කරේ නැහැ. පස්සේ මම කියන කෙනා ගොඩනගා ගත්තට පස්සේ තමයි හැමෝමත් එක්ක කතාබහ කරලා හිටියේ”


ඉතින් ඔන්න ඕක තමයි ඇයගේ ජීවිත කතාව.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo