Slider

ගිහි ජීවිතය මහා ගිනි ගොඩක් කියලා හරියටම දැනෙන්නේ මේ පැවිදි ජීවිතය ගත කරන විටයි

 


මීට වසර තුනකට හතරකට විතර කලින් ගිහි ජීවිතය අතහැරලා පැවදි දිවියට පා තැබූ බොහෝ දෙනෙක් ආදරේ කරපු නිවේදකයෙක් හිටියා.ඔහු නමින් මංජු තේනුවර.සිරසේ මංජු කී සැණින් බොහෝ දෙනෙක් ඔහුව අඳුනනවා. නිවේදකයෙක්ටත් එහා ගියපු මනුෂ්‍යයන් සමග මානුශීය සම්බන්ධතා ගොඩනගා ගත්තු උතුම් මිනිසෙක් විදිහට තමයි බොහෝ දෙනා ඔහුව හැඳින්නුවේ.

මේ වෙද්දි ඔහු පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා අවුරුදු හතරකට ආසන්න කාලයක් ගත වෙනවා වෙනවා.පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ උන්වහන්සේ මාතර විජයසීහ හිමි කියන නමින් තමයි ප්‍රසිද්ධ වෙන්නේ.උන්වහන්සේ අලව්ව තරුණ දම්සභාව බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරනවා. ඒ ස්ථානය උන්වහන්සේගේම නිර්මාණයක් විදිහට තමයි ගොඩනැගෙන්නේ.

මේ ස්ථානයට ජීවිතය නොයෙකුත් ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න තරුණ තරුණියන් එනවා එනවා. ඔවුන්ගේ ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම සඳහා ඇවැසි බණ භාවනා ක්‍රම පුරුදු කිරීම වැනි දේවල් මාතර විජේසීහ හිමි විසින් සිද්ධ කරනවා.ඉතින් උන්වහන්සේ ගැන කතා කරද්දි පැවිදි ජීවිතයට එළඹිලා පසුව ගිහි ජීවිතය පිළිබඳව දැනෙන්නේ මොකක්ද කියලා අහපු අවස්ථාවකදී දුන්නේ හරි අපූරු පිළිතුරක්.

“ගිහි ජීවිතය මහා ගිනි ගොඩක් කියලා හරියටම දැනෙන්නේ මේ පැවිදි ජීවිතය ගත කරන විටදී ගිහි ජීවිතයේදී සෑම කෙනෙකුටම උදේ පාන්දර අවදි වෙන්න සිද්ධ වෙන්නේ ඔළුවට මහා බරක් දරාගෙන.රැකියාවේ බර දරුවන්ගේ බිරිඳගේ වගකීම් මවුපියන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙන් වූ බර මේ වගේ බොහෝ දේ ඔළුවට බරක් හැබැයි මේ පැවිදි ජීවිතයේදී උදේ මට තියෙන්නේ මනස ඉතාම නිරවුල් වූ පිබිදීමක්”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි උන්වහන්සේ ගත කරන ජීවිතේ සහ පැවිදි ජීවිතය පිළිබඳව උන්වහන්සේට දැනෙන දේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo