අවුරුදු එකොළහක  තරම් පුංචි ගැටයෙක් වෙන කාල වකවානුවක් තුළදී මුලින්ම කලාවට අත්පොත් තියන මේ සුන්දර කලාකරුවා සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ දෙකම එකසේ ජය ජයගත්තු දක්ෂ තරුවක්.ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි ඇන්තනී පවුලේ ලාබාලතමයා වෙන සජිත ඇන්තනි.

එදා සූරිය අරණ සිනමා පටයේ වැඩි දරුවාගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු මෑත කාලේ වැඩි වශයෙන් ප්‍රසිද්ධ වුණේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරා කියන චරිතය නිසයි.

ඒක අමතරව රිදී තිරය විවිධ සිනමා පට හරහාත් ඔහු කරළියට එනවා.ඊට අමතරව සජිත කියන්නේ හොඳ ඩාන්සර් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි සජිතට ලස්සනට සිංදු කියන්න පුළුවන්.මේ විදිහ ඔහුගේම ගීත කිහිපයකුත් ප්‍රේක්ෂකයන්ට දායාද කරලා තියෙනවා.මේ වෙද්දි ආදරණීය පියෙක් විදිහට ජීවිතය ඉතාමත් සතුටින් ගත කරන ඔහු ටෙලි නාට්‍ය හරහානම් වැඩිපුර අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවුණේ නැහැ.ඒ ඇයි කියලා අහපු අවස්ථාවකදී සජිත කිව්වේ මේ වගේ කතාවක්.

“නාඩගම්කාරයෝ නාට්‍යයෙන් පස්සේ දීර්ඝ ටෙලි නාට් වලට සම්බන්ධ වෙන එක නැවැත්තුවා.නමුත් tv serious වලට සම්බන්ධ වෙනවා. සීතලයි පින්න කියලා අලුත්ම tv serious එකක රූගත කිරීම් නොවැම්බර් මාසේ ඕස්ට්‍රේලියාවේ පටන් ගන්නවා. ඒක ලබන අවුරුද්දේ පෙබරවාරි වල වගේ දැක ගන්න පුළුවන් වේවි.”

ඉතින් සජිතගේ ජීවිතයේ සියලුම බලාපොරොත්තුව ඒ ආකාරයෙන් සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.