සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට මේ ගීතය අහපු සැනින් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ හරිම සුන්දර ගායිකාවක් ඒ වගේම අතිශයින්ම දක්ෂ රංගන ශිල්පිනියක් වූ නතාෂා පෙරේරයි. ඇය පුංචි කාලේ ඉඳලම තමයි කලාවට අවතීර්ණ වෙන්නේ.නතාසට හිමි ඒ සුන්දර රූප කාය නිසාම තව තවත් ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරයි ප්‍රසිද්ධ වුණා.

විදෙස් ගත වෙලා ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට වෙලා කාලය ගත කරපු නතාෂා ආයෙමත් සැරයක් ලංකාවට එන ගමන ඉක්මන් උනේ ද සිරස වොයිස් කිඩ්ස් වැඩසටහනේ නිවේදිකාව විදිහට ඇය තේරී පත්වීමත් සමඟයි.ඒ නිසාම ආයෙමත් සැරයක් ප්‍රේක්ෂකයන් හමුවට යන්න ඇයට අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඒ වගේම පසුගිය දවසක ඇය තීක්ෂණ අනුරාධ ගැයූ ඔබ තරම් පෙම් කළ කිසිවෙක් කියන ගීතය ඇයගේ කටහඬින් ගායනා කළා.ඒ නිසාම එය බලාපොරොත්තු නොවුණු විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ඇයට ලැබෙනවා.කාලෙකට පස්සෙ ලැබුණු ඒ ආදරය ගැන නතාෂා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මං හිතුවෙවත් නැති විදිහට ප්‍රතිචාර ලැබෙනවා. මං ගොඩක් කාලෙකින් ගීතයක් කරල තිබුණේ නෑ. ඇත්තටම මං හිතුවා දැන් මාව අමතක වෙලත් ඇති කියලා. ලැබෙන ප්‍රතිචාර දැක්කම ගොඩක් සතුටුයි. මෙච්චර කාලෙකට පස්සෙත් එදා ලැබුණු ආදරේ ඒ විදිහටම ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්.The Voice Kids Sri Lanka වැඩසටහනට මට ආරාධනා ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවෙ ඉද්දිමයි. සිරස ටීවී විධායක අධ්‍යක්ෂ සුසාර දිනාල් තමයි මට ආරාධනා කළේ. කොහොමත් මං ලංකාවට එන්න හිතාගෙන හිටිය මොහොතක මේ ආරාධනාව ලැබෙන්නේ. ඒ නිසා මගේ ගමන ඉක්මන් වුණා. The Voice Kids Sri Lanka වැඩසටහන අධ්‍යක්ෂණය කරන්නේ සමිත් බස්නායක. ඔවුන්ගේ සහායෙන් මම ඒක හොඳින් කරගෙන යනවා කියලා හිතනවා.”

ඉතින් ඇයගේ ඉදිරි කලා කටයුතුත් දිනෙන් වෙනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු.